ජිනසේන වෙතින් සමාජ සත්කාරයක්

ජිනසේන වෙතින් සමාජ සත්කාරයක්

ශ්‍රී ලංකාවේ ජල කළමණාකරන පද්ධති සහ විසඳුම් සපයන ප්‍රමුඛ සමාගමක් සහ Reverse Osmosis (RO) ඒකක සැපයීමේ ප්‍රමුඛයා ලෙස කටයුතු කරන ජිනසේන සමාගම විසින් මෙරට වකුගඩු රෝගයේ පීඩා විඳින ජනතාව වෙනුවෙන් සපයන Reverse Osmosis (RO) ඒකක සඳහා වන ඉල්ලුම් ඉහළ යයි.

 ජිනසේන සමාගමේ සභාපතිවරයා වන රොහාන් ජිනසේන මහතාගේ සංකල්පයක් අනුව වසර 2005 සිට ජිනසේන සමාගම ජල පිරිසිදු කරන ඒකක ස්ථාපිත කිරීම අරඹන ලදී. එහි සාර්ථකත්වය පෙන්නුම් කරමින් වසර 3ක් වැනි කෙටි කාලයක් තුළදී ජල පිරිසිදු කරන ඒකක 200 ක් විවිධ සංවිධාන හා විවිධ ව්‍යාපෘතින් යටතේ උතුරු මැද ,නැගෙනහිර ,උතුරු, සහ වයඹ පළාත් වල ස්ථාපිත කිරීමට මෙම සමාගම සමත් වී තිබේ. වර්තමානය වන විට සමාගම විසින් තවත් ව්‍යාපෘතීන් 88 ක් ඉදිකෙරෙමින් පවතින අතර 2017 වසර අවසානයට පෙර එම සංඛ්‍යාව 100 දක්වා වර්ධනය කිරීම සමාගමේ අපේක්ෂාවයි.මෙම සෑම ව්‍යාපෘතියකින්ම අවම වශයෙන් පවුල් 300 කට ජල පහසුකම් ලබාදීමට නියමිතව තිබේ. ඒ අනුව අද වනවිට පවුල් 25000 ක පමණ ප්‍රමාණයකට පිරිසිදු ජල පහසුකම් සැපයීමට ජිනසේන සමාගමට හැකිවී තිබේ.

 ශ්‍රී ලංකා රජය , විවිධ සමාගම් වල ප්‍රජා සේවා ව්‍යාපෘති, දේශිය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන වල ඉල්ලීම පරිදි ජිනසේන සමාගම විසින් මෙම ජල පිරිසිදුකරන ඒකක පිහිටුවීම සිදුකරයි.මීට අමතරව ත්‍රිවිධ හමුදා කඳවුරු සඳහා ද ජල පිරිසිදුකරන ඒකක පිහිටුවීම සිදු කරන්නේ ජිනසේන සමාගම විසිනි.

 ජල කළමණාකරන පද්ධති සහ විසඳුම් සපයන ජිනසේන සමාගම සාමාන්‍ය ජල සැපයුම් ක්‍රියාවලිය, භාවිත කළ ජලය යළි පිරිසිදුකරනය සහ යළි භාවිතයට ගැනීමේ ක්‍රියාවලිය ආදිය සඳහා විසඳුම් සපයයි. ආස්‍රැත ජලය නිපදවීමේ උපකරණ, රසායනික පිරිසිදුකිරීම් සිදුකරන වතුර පොම්ප,වායු පද්ධති, UV ආරක්ෂණ පද්ධති, ජල මෘදුකාරක, යකඩ ඉවත් කිරීමේ සහ පිරිපහදුකරණ ආදී පද්ධතින් රැසක් සපයයි. තවද ජල පෙරුම්කරණ සේවා සහ ජල පෙරුම්කාරක සවිකිරීම මෙන්ම ජල සාම්පල පරීක්ෂාව ආදී සේවා රැසක් ද සපයනු ලබයි. කොළඹ සහ අනුරාධපුර නගර වල ජිනසේන සමාගම විසින් ජල සාම්පල පරීක්ෂණ මධ්‍යස්ථාන දෙකක් පිහිටුවා තිබේ. ඇමරිකාවේ HATCH පරීක්ෂණාගාරයේ තාක්ෂණයට සමාන තාක්ෂණයකින් මෙම පරීක්ෂණාගාර තුළ ජල සාම්පල පරීක්ෂා කරනු ලබයි.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න