මහජන බැංකුව යාපනයේ පරිසර හිතකාමී ශාඛාවට මුල්ගල තබයි

මහජන බැංකුව යාපනයේ පරිසර හිතකාමී ශාඛාවට මුල්ගල තබයි

මහජන බැංකුවේ යාපනය පරිසර හිතකාමී හරිත ශාඛාව සඳහා යෝජිත නව සත්මහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර් මහතාගේ අතින් පසුගියදා සිදුකෙරිණි.

මහජන බැංකුව හරිත අනාගතයක් පිළිබඳව සිය අපේක්ෂාවන්ට ළඟාවීමේ මාර්ගය සකස් කරමින් කි‍්‍රයාවට නංවන “ Peoples Green Pulse” නිල පාරිසරික තිරසාරභාවය පිළිබඳව ප‍්‍රතිපත්තියට හා නව්‍යකරණයේ සුවපහසුව සපිරි ඩිජිටල් බැංකුකරණයට අදාළ වැඩපිළිවෙලට සමගාමීව මෙම හරිත ශාඛාව ඉදිකෙරේ.

මහජන බැංකුවේ යාපනය ප‍්‍රාදේශිය ප‍්‍රධාන කාර්යාලය, යාපනය ශාඛාව සහ නවීන පහසුකම් සහිත අංග සම්පුර්ණ ශ‍්‍රවනාගාරයක් මෙම නව ගොඩනැගිල්ල තුළ ස්ථාපිත කිරිමට අපේක්ෂිතය.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික විධායක කළමනාකාරිත්වය, බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකාරභවතුන් විශාල පිරිසක් සහභාගි වූහ.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න