“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" : "ලංකා බැංකු තුරුණු දිරිය” ණය ලාභීන් 180 ඉක්මවයි 

“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" : "ලංකා බැංකු තුරුණු දිරිය” ණය ලාභීන් 180 ඉක්මවයි 

ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරන "තුරුණු දිරිය"ණය යෝජනා ක්‍රමය යටතේ දිවයින පුරා විසිරී සිටින තරුණ ව්‍යවසායකයින් 182 ක් සඳහා මේ වන විට ණය ලබා දී ඇත. 

මෙම තොරතුරු අනාවරණය වූයේ 2018 ඔක්තෝබර් මස 10 වන දින ලංකා බැංකුව මඟින් සතිපතා නිකුත් කළ "තුරුණු දිරිය" ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ නවතම ප්‍රගති වාර්තාව මඟිනි. 

තරුණ ව්‍යවසායකයන් 22 දෙනෙක් සඳහා ණය මුදල් නිදහස් කිරීම හේතුවෙන් දිස්ත්‍රික්ක මට්ටමෙන් පෙරමුණ ගැනීමට රත්නපුර දිස්ත්‍රික්කය සමත් ව සිටින අතර, තරුණ ව්‍යවසායකයින් 39 දෙනෙක් උදෙසා ණය මුදල් නිදහස් කිරීම හේතුවෙන්, පළාත් අතුරෙන් බස්නාහිර පළාත පෙරමුණ ගෙන ඇත.

“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ලංකා බැංකුවේ "තුරුණු දිරිය" ණය යෝජනා ක්‍රමය දිවයින පුරා, රූපලාවන්‍ය, ඇඟලුම්, පරිගණක සහ ජංගම දුරකථන අලුත්වැඩියාව වැනි විවිධ ව්‍යාපාර ක්ෂේත්‍ර වල නියැලී සිටින තරුණ ව්‍යවසායකයින් උදෙසා ණය ලබා දෙන අතර, මෙම ණය යෝජනා ක්‍රමය මඟින් ඔවුන් මුහුණ දෙන ආර්ථීක බාධකවලට සාර්ථකව මුහුණ දෙමින් ඔවුන් සිහින දකින තම ව්‍යාපාරයේ දියුණුව උදෙසා ලඟා වීමට ඔවුනට මේ තුළින් හැකි වී ඇත.

ලංකා බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ, මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ තරුණ කටයුතු, ව්‍යාපෘති කලමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ එක්ව ක්‍රියාත්මක කරන “තුරුණු දිරිය"ණය යෝජනා ක්‍රමය රටේ තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණ කරගෙන ක්‍රියාත්මක කරනු ලබන අතර එමගින් උපාධියක් සහිත හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැලි, වයස අවුරුදු 40 ට අඩු තරුණ ව්‍යවසායකයින් උදෙසා ඇප/ ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව, අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා දෙයි.

දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛා වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැක.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න