Language Switcher

V2025

අගමැති, හෝටල් සංසදයේ 53 වන වාර්ෂික සමුළුවට !

හෝටල් සංසදයේ 53 වන වාර්ෂික සමුළුව ඊයේ (17) දින කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට  ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, කොළඹ පුරපතිනි රෝසි සේනානායක සහ ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත යන මහත්ම මහත්මීන්  ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.