එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා - BOC තුරුණු දිරිය ණය ලාභීන් 450 ඉක්මවයි !

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා - BOC  තුරුණු දිරිය ණය ලාභීන් 450 ඉක්මවයි !

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය මගින් 2019 වසරේ පළමු සතිය වන විට රුපියල් මිලියන 195කට අධික මුදලක් තරුණ ව්‍යවසායකයින් 459 දෙනෙකු අතරේ බෙදා දීමට සමත් වී ඇත.

පසුගිය 02 වැනිදා ණය යෝජනා ක්‍රමය පිළිබදව ලංකා බැංකුව මගින් ඉදිරිපත් කළ නවතම ප්‍රගති සමාලෝචන වාර්තා ඇසුරින් මෙම තොරතුරු අනාවරණය විය.

මෙම ණය ව්‍යාපෘතිය මගින් මේ වන විට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන ලෙස ව්‍යවසායක ණය නිකුත් කර ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කය ව්‍යවසායක ණය 69ක් නිකුත් කරමින් දිස්ත්‍රික්ක අතර ඉදිරියෙන්ම සිටියි. සියළුම දිස්ත්‍රික්ක හා පළාත් තරගකාරී ලෙස මෙම ව්‍යවසායක ණය ලබා දෙමින් සිටින අතර පළාත් අනුව බස්නාහිර සහ සබරගමුව පළාත් ව්‍යවසායක ණය 80ක් සහ 87 බැගින් නිකුත් කරමින් පෙරමුණ ගෙන ඇත.

ඒ අනුව මේ වන විට තුරුණු දිරිය ණය යෝජනා ක්‍ර‍මය දිවයිනේ සෑම පළාතකම තරුණ ව්‍යවසායකයින් අතර ඉතාමත් ජනප්‍රිය වී ඇති අතර ලිහිල් ඇප ක්‍ර‍මය සහ අවම පොලී අනුපාතයක් තිබීම වැනි සහන රාශියකින් යුක්ත වීම එයට හේතු වී ඇත. "තුරුණු දිරිය"ණය යෝජනා ක්‍රමය දිවයින පුරා විවිධ ව්‍යාපාර වල නියැලී සිටින තරුණ ව්‍යවසායකයින් උදෙසා විශේෂයෙන්ම නිර්මාණය කර ඇති ණය යෝජනා ක්‍රමයකි. මේ තුළින් ඔවුන් මුහුණ දෙන ආර්ථීක බාධක වලට සාර්ථකව මුහුණ දෙමින් ඔවුන් සිහින දකින තම ව්‍යාපාරයේ දියුණුව උදෙසා ලඟා වීමට ඔවුනට හැකි වී ඇත.

ලංකා බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික ප්‍ර‍තිපත්ති, ආර්ථික කටයුතු, නැවැත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ එක්ව ක්‍රියාත්මක කරන “තුරුණු දිරිය"ණය යෝජනා ක්‍රමය රටේ තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණ කරගෙන ක්‍රියාත්මක කරනු ලබන අතර එමගින් උපාධියක් සහිත හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැලි සිටින තරුණ ව්‍යවසායකයින් උදෙසා සුරැකුම්/ ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව, අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා දෙයි.

දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛා වලින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැක.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න