බෝම්බ ප්‍රහාරයෙන් සංචාරක ව්‍යාපාරයට වූ හානිය 20%යි - කිෂූ ගෝමස්

බෝම්බ ප්‍රහාරයෙන් සංචාරක ව්‍යාපාරයට වූ හානිය 20%යි - කිෂූ ගෝමස්

පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පමණක් නොව, මුළු ආර්ථිකයටම දැඩි බලපෑමක් වූ බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂු ගෝමස් පවසයි.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා මේ බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත් සභාපතිවරයා සඳහන් කරන්නේ ඉන්දුනිසියාවේ බාලි සහ ප්‍රංශයේ පැරිස් වැනි සංචාරක ගමනාන්තවලටද මෙවැනිම ප්‍රහාල එල්ල වූ බවත් ඒ දෙස බලන විට ශ්‍රී ලංකාවට නැවත නැගී සිටීමට හැකියාවක් ඇති බවට තමා විශ්වාස කරන බවයි.

රටෙහි ආරක්ෂාව සඳහා මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් ගෙන යන වැඩපිළිවෙල සියල්ල සාර්ථක වී ඇති බවත් ඉදිරියේදී ආරක්ෂිත පරිසරය හමුවේ ශ්‍රී ලංකාවට යළි නැගී සිටීමට හැකි වන ඇති බවත් සභාපති කිෂු ගෝමස් පෙන්වාදී තිබේ.

මේ අතර සංචාරකයින්ගේ සංඛ්‍යාව සහ ආර්ථික බලපෑම අනුව පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරවලින් සංචාරක කර්මාන්තයට එල්ල වූ උපරිම බලපෑම 20%ක් පමණ බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂු ගෝමස් වැඩිදුරටත් සඳහන් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.