සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපති ජොහාන් ජයරත්න

සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපති ජොහාන් ජයරත්න

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වූ කිෂු ගෝමස් මහතා ඉන් ඉවත් කර ඒ වෙනුවට එහි නව සභාපතිවරයා වශයෙන් යොහාන් ජයරත්න මහතා පත් කළ බව සංචාරක සංවර්ධන , වනජීවි සහ ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් අද (14) සිට ක‍්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇත.

මෙම පත් කිරීමට අදාළ ලිපිය අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් අද පෙරවරුවේ ජොහාන් ජයරත්න මහතා වෙත ලබා දෙන ලදී.

ජොහාන් ජයරත්න මහතා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට පත් වීම පෙර සංචාරක සංවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂක ලෙසද ,ගුවන්තොටුපල සහ ගුවන්සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂකවරයකු ලෙසද කටයුතු කර ඇත.

කෙසේ වෙතත් කිෂු ගෝමස් මහතා පසුගිය පෙබරවාරි මාසයේ සිට කටයුතු කළ සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ සභාපති ධුරයේ තවදුරටත් රැඳී සිටින බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කර සිටී.

පාස්කු ඉරිදා එල්ල වුණු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් අනතුරුව සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේදී සංචාරක සංවර්ධන අධිකාරිය සහ සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය මුහුණ දී ඇති නව අභියෝග වෙත මුහුණ දීම සඳහා මෙම නව පත් කිරීම සිදුකළ බවද එම අමාත්‍යාංශ්‍ය කියා සිටී.

ඒ අනුව මේ වසර තුළදී ගෝලීය වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලංකාවේ සංචාරක සන්නාමය ප‍්‍රවර්ධනය කිරීමේ කටයුතු කිෂු ගෝමස් මහතා යටතේ පවතින ප‍්‍රවර්ධන කාර්යාංශය හරහාද, දේශීය සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ කටයුතු ජයරත්න මහතා යටතේ පවතින සංචාරක සංවර්ධන අධිකාරිය යටතේද සිදු කිරීම අරමුණ බව සංචාරක සංවර්ධන,වනජීවි සහ ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න