DLB  සාර්ථක අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක : උතුරේ අලෙවි නියෝජිතයන් අගයයි ! 

DLB  සාර්ථක අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක : උතුරේ අලෙවි නියෝජිතයන් අගයයි ! 

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දීප ව්‍යාප්තව පැවැත්වීමට නියමිත අලෙවි නියෝජිතයන් අගයන "අභිමානී" වැඩසටහන් මාලාවේ  ප්‍රථම වැඩසටහන සහ අලෙවි කුටි ලබාදීමේ වැඩසටහන් මාලාවේ 2019, සමාරම්භක වැඩසටහන උතුරු පළාත් අලෙවි නියෝජිතයන්  වෙනුවෙන් ඊයේ (08)  යාපනය නගරයේදී පැවැත්විණ.

ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙනි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ උතුරු පළාත් අලෙවි නියෝජිතයන් ඇගයීම මෙන්ම අලෙවි ප්‍රගතිය සමාලෝචනය කිරීම, අලෙවි නියෝජිත ගැටලු සාකච්ඡා කිරීම එහිදී සිදුවිය.

2018 වර්ෂයේ උතුරු පළාතේ දිස්ත්‍රික් මට්ටමින් හොදම අලෙවියක් සිදුකළ අලෙවි නියෝජිතයන් අගයමින් මූල්‍ය ත්‍යාග , කුසලාන සහ සහතිකපත් ප්‍රදානය මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ සහ මෙම වැඩසටහන අගය කරමින් ඊට  සහභාගි වූ යාපනය මහ නගර සභාවේ නගරාධිපති ඉමානුවෙල් ආනෝල්ඩ් අතින් සිදුවිය. 

අලෙවි නියෝජිත හමුවට සමගාමීව පැවැත්වූ අලෙවි කුටි බෙදාදීමේ වැඩසටහන සංකේතවත් කරමින් මුදල් අමාත්‍යවරයා විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් සන්නාම කරන නව අලෙවි කුටි 06 අදාළ අලෙවි නියෝජිතයන්  සදහා ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම, ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්.විමලසිරි, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) විජිතා සෝමරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩංගොඩ, සහකාර සාමාන්‍යාධිකාරී (මුදල්) කසුන ජයසූරිය,සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න, උතුරු නැගෙනහිර පළාත් කලාප කළමනාකරු කුමාරසිරි ඇතුලු කාර්ය මණ්ඩලය සහභාගීව සිටියහ.

dlb2

dlb3

dlb4

dlb5

dlb6

dlb7

dlb8

dlb9

dlb10

dlb11dlb12

dlb14

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න