සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වීමේ ජනතාවාදී අපේක්ෂාව ඉටුවනවා දැකීමට නොහැකි අවස්ථාවාදී මෙන් ම පරාජිත කල්ලියක් විපක්ෂය අතර ඇති වන එකඟතා කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලියට නිරතව සිටින බව සමගි ජනබලවේගයේ දිවුලපිටිය, සම සංවිධායක සංඛ චන්දිම අභයවර්ධන පැවසී ය.
ඔහු පෙන්වා දෙන්නේ 22ට එරෙහිව සමගි ජනබලවේගය විසින් ක්‍රියාත්මක කරමින් සිටින අඛණ්ඩ සටන කඩාකප්පල් කිරීම ද ඔවුන් ගේ තවත් සැලසුමක් වී ඇති බවයි. කෙසේ වෙතත් 22වන සංශෝධනයට එරෙහි සටන මහජනතාව ද ඒකරාශී විය හැකි පොදු සටනක් බවට පත්කිරීමට සමගි ජනබලවේගයට හැකිවී ඇති බව ඔහු අවධාරණය කළේ ය.
සංඛ චන්දිම අභයවර්ධන මේ බව කියා සිටියේ කෝට්ටේ පිහිටි සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ අද (16) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සංඛ චන්දිම අභයවර්ධන…
පැලවත්තේ පාලනයකට රට නතුකරගැනීමේ උත්සාහයක්
“මෙරට අනාගතය සුරක්ෂිත කිරීම උදෙසා අපිත්, සෙසු විපක්ෂයේ පක්ෂත්, සමාජයේ බොහෝ සංවිධාන ඇතුළු බහුතර ජනතාවත් 22ට විරුද්ධ වුණා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසන, අධිකරණයේ ස්වාධීනත්වය නැති කරන සහ ඒකාධිපති වියරුවක් දක්වා රට මෙහෙයවීමට පසුබිම සකසන 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂ නායකතුමා මුලින්ම විරෝධය පළ කළේ මැයි මාසේ 06 වැනිදා. එදා සිට අද දක්වා විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාසත්, පක්ෂයක් ලෙස සමගියේ අපි සැමත් මේ 22ට එරෙහිව බොහෝ දේ කළා. එහි ප්‍රතිපලයක් ලෙස මේ වෙනුවෙන් වූ ප්‍රජාතන්ත්‍රවාදී වේදිකාව සකසන්න අපිට හැකි වුණා.
අපිට පේන්න ආණ්ඩුවක් තිබෙනවා. නමුත් ඒ ආණ්ඩුව කිසිවෙකුගේ හඬට සවන්දෙන ආණ්ඩුවක් නෙමෙයි. මේක උද්දච්ච ආණ්ඩුවක්. ඔවුන්ට ඕන රටට කුමක් වුවත් තනි පක්ෂ පාලනයක් රටේ ස්ථාපිත කරල ප්‍රජාතන්ත්‍රවාදය අතුගා දමා රටේ සදාතනික පාලනය සියතට ගන්න. ඒ කියන්නේ පැලවත්තේ පාලනයකට රට නතුකරගන්නයි මේ අයට ඕන. කොහොම වුණත් 22 වන සංශෝධනයෙන් රටට සිදුවන අනතුර සජිත් ප්‍රේමදාස නායකතුමා කලින්ම දැක්කා. ඒ අනුව ඔහු සටන පටන්ගත්තා. මැයි මාසේ 06 වැනිදා ඔහු ආරම්භ කළ සටන තවමත් අවසන් නෑ. මේ සටනේ අරමුණ රටේ සහ ජනතාවගේ නිදහස තහවුරු කිරීමයි. පාර්ලිමේන්තුවෙන් ආරම්භ කළ සටන ගම්මට්ටමට රැගෙන යන්න අපිට පුලුවන් වුණේ විපක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස ලබාදුන් නායකත්වය නිසයි.”
දැන් රටේ ප්‍රබලම චරිතය සජිත්
මෙලෙස ආරම්භ වූ සටන ඉතා ශක්තිමත් හා තීරණාත්මක තැනකට පැමිණ ඇති මොහොතක, තමන්ගේ කෙනෙක් රටේ නායකයා කරගන්න සිහින දකින විපක්ෂයේ ම අවස්ථාවාදීන් පිරිසක් මේ සටනේ වාසිය අත්පත් කරගැනීමට කුරුමානම් අල්ලමින් සිටින බවද ඔහු පැවසී ය. අනාගතයේ සජිත්ට එරෙහිව ගෙන ආ හැකි නායකයෙක් පේන තෙක් මානයක නැති අවස්ථාවක, මේ අවස්ථාවාදීන් සැගවී ගල්ගසන සහ කුලියට සමාජ මාධ්‍යයේ ලිපි ලියන, කුලියට මඩ ප්‍රහාර දියත් කරන කණ්ඩායම් සම්බන්ධ කර ගනිමින් සජබයට සහ සජිත්ට එරෙහි බොරු ජනගත කරමින් සිටින බවත් අභයවර්ධන පැවසී ය.
“මේ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ ආණ්ඩුවට අභියෝගයක් වෙන්න නෙමෙයි. මේ අයගේ එක ම අපේක්ෂාව සමගිය බෙදීම. ගොඩනැගෙමින් ඇති එජාප - සමගි එකමුතුව කඩාකප්පල් කිරීම. 22 ගැන කතා කරන්න විපක්ෂයේ පක්ෂවලට පොදු වේදිකාවක් හදලා දුන්න සජිත්ට ම මේ අය පහර දෙමින් ඉන්නේ ඇයි ? ඇත්තටම දැන් රටේ ප්‍රබලම චරිතය සජිත්. සජිත් වැට්ටුවෙ නැත්නම් මේ අයට ගමනක් නෑ. ඒ අය එදත් එහෙමයි. අදත් එහෙමයි. අපි දැක්කා පොළොන්නරුවේ පැවැති ගොවීන් නොසිටි ගොවිජන රැලියේ දී ජනාධිපතිවරයා ගේ වැටීමේ තරම කොච්චරද කියලා. ඒ අයගෙ ම ඔත්තුකරුවෝ දැනටත් මේ කඩාවැටීම ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කරලත් ඇති. ඒ වගේම විපක්ෂයේ සිටින ගල් කල්ලියත්, ඒ කල්ලියේ සල්ලිවලට ලියන රළලාත්, සමගියට පහරදීම වෙනුවට ආණ්ඩුවේ මර්ධනකාරී, ඒකාධිපති වියරුව හමුවේ ගොඩනැගෙමින් තිබෙන ගින්නෙන් ජනතාව බේරාගන්නේ කෙසේද කියා කල්පනා කර බැලිය යුතුයි.”
දේශපාලන ව්‍යාපාරයක් ලෙස සමගිය, මේ සටනට නායකත්වය ලබාදීලා අවසන් බවත්, එහි වාසිය සහ එහි පීතෘත්වය ලබාගන්න තවත් පිරිසක් දැන් උත්සාහ ගනිමින් සිටින බවත් කියා සිටි අභයවර්ධන අවධාරණය කළේ, 22ට එරෙහි සටන ජනතාව සමග ජයගැනීම පසෙක තබා මේ අවස්ථාවාදීන් සජබයට සහ සජිත්ට පහර දෙන්නේ නම්, එය තමන්ගේ වළ තමන් විසින්ම කපා ගැනීමක් හා සමාන බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
