#dinanadakuna

  • අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්

    ''අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ" මුවාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා පසුගියදා ලැබුණු කැබිනට් අනුමැතිය සම්බන්ධයෙන් 'දිනන දකුණ' සාමූහිකය සිය දැඩි විරෝධය සහ සැකය පළ කර සිටින බව එම සාමූහිකය සඳහන් කරයි.

  • ගල් අඟුරු නිසා ආණ්ඩුව කළු පැහැ වෙයි ද...?

    ඉදිරි මාස හතර තුළ ලංකාවට වසරකට අවශ්‍ය ගල් අඟුරු තොග සපයා ගැනීමට නොහැකි වන්නේ නම්, විදුලිය කැපීමක් වළක්වා ගැනීමේ අවදානමකට රට මුහුණ දෙනු ඇත. පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ නියමිත ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු මිලදී ගැනීමට රජය පියවර ගත යුතුව ඇතැයි ද එසේ නොවේ නම් නැවත රටට ම බලපාන විදුලි අර්බුදයක් නොවැළැක්විය හැකි වනු ඇත.

  • දිනන දකුණ සාමූහිකය වෙතින් ජනපතිට අභියෝගයක්

    පසුගිය 08 වන දින යුක්තිය උදෙසා ජනතා සාමූහිකය මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන් බැහැදුටු බවත්, එම අවස්ථාවේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක ස්වාමීන් වහන්සේ ඉතා පැහැදිලිව එම නියෝජිතයින් කළ පැහැදිලි කිරීමක දී ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ බව පවසා ඇති බවත්, එහෙත් ආණ්ඩුව දිගින් දිගටම මෙම ලිපිය පිළිබඳව වසන් කිරීමට සහ ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට දරණ උත්සාහය දිනන දකුණ සාමූහිකය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත්, එම සාමූහිකය සඳහන් කරයි.

  • නොවැම්බර් 21 රැලියට 'දිනන දකුණ' ආශිර්වාදය...!

    විපක්ෂයේ බලවේගවල එකතුවෙන් නොවැම්බර් 21දාට එළිදැකීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට 'දිනන දකුණ' සංවිධානයේ හෘදයාංගම සුභ පැතුම් එක් කරමින් නිවේදනයක් නිකුත්කර ඇත.  

  • මීගමුව බන්ධනාගාරයේ සිදුවීම් අමතක කරනවා නම්, 2012 සහ 2020 සිදුවීම් ද අමතක කරන්න - දිනන දකුණ සාමූහිකය

    බන්ධනාගාර නිලධාරීන් ගේ ඝාතන පිළිබඳව කම්පාවෙන අතරේ ම සිරකරුවන් ගේ භාරකාරීත්වයේ වගවීම පවතින රජයක් අතින් සිරකරුවන් ගේ ජීවිත අහිමි කිරීමට එරෙහිව  දිනන දකුණ සාමූහිකය වර්තමාන රජයට දෝෂාරෝපණය කරයි.

  • රජය, නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම "දිනන දකුණ" සාමූහිකය තරයේ හෙළා දකියි

    මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටින බව "දිනන දකුණ" සාමූහිකය සඳහන් කරයි.

  • වත්මන් දේශපාලන ගතිකවල යථාර්ථමය ස්වරූපය දැඩි ලෙස පුද්ගලවාදියි - දිනන දකුණ සාමූහිකය

    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් මෑතකදී සිදුකරන ලද සමාජ දර්ශක (Social Indicator) මත විමසුමෙන් හෙළිවන සැබෑ දේශපාලන යථාර්තය සමාජගත කිරීම කාලෝචිත වන බවත්, එසේ නොවන්නේ නම් මේවන විට සිදුවෙමින් පවතින ආකාරයට මත විමසුම තුළින් වියුක්තව ලබා ගන්නා අදහස් විවිධ දේශපාලන බලවේග විසින් තමන්ට රිසි පරිදි සමාජගත කිරීම හේතුවෙන්, සමාජය පිළිබඳ නිසි දේශපාලන කියවීමක් ලබා ගැනීමට ඇති ඉඩකඩ අප වෙතින් ඇවිරෙන්නේ යැයි  දිනන දකුණ සාමූහිකය සඳහන් කරයි.

  • ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභියෝගය හැකිනම් භාරගෙන පෙන්වන්න - දිනන දකුණ සාමූහිකය

    පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් මහජනතාව නොමග යැවීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරියට එරෙහිව ජාතික ජනබලවේග  පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන විසින් ඊයේ  පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ ද්වේෂසහගත එකක් බවට විශ්වාස යැයි  දිනන දකුණ සාමූහික සදහන් කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න