ගල් අඟුරු නිසා ආණ්ඩුව කළු පැහැ වෙයි ද...?

ගල් අඟුරු නිසා ආණ්ඩුව කළු පැහැ වෙයි ද...?

ඉදිරි මාස හතර තුළ ලංකාවට වසරකට අවශ්‍ය ගල් අඟුරු තොග සපයා ගැනීමට නොහැකි වන්නේ නම්, විදුලිය කැපීමක් වළක්වා ගැනීමේ අවදානමකට රට මුහුණ දෙනු ඇත. පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ නියමිත ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු මිලදී ගැනීමට රජය පියවර ගත යුතුව ඇතැයි ද එසේ නොවේ නම් නැවත රටට ම බලපාන විදුලි අර්බුදයක් නොවැළැක්විය හැකි වනු ඇත.

 

බලශක්ති අමාත්‍යශයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් මේ වන විට රටට ආනයනය කළ ගල් අඟුරු ප්‍රමිතිය පරීක්ෂා කර ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.

නැව් පහක් අවශ්‍ය යි; පැමිණ ඇත්තේ දෙකයි

මේ වසරේ අප්‍රේල් මාසය දක්වා කාලය තුළ රටට අවශ්‍ය ගල් අඟුරු තොග ගොඩ බෑම කළ යුතු ය. මේ වන විටත් ගල් අඟුරු නැව් පහක් රටට පැමිණිය යුතුව ඇතත් ගෙන්වා ඇත්තේ නැව් දෙකක් පමණි. නිසි වේලාවට ගල් අඟුරු තොග ලබා ගැනීමකින් තොරව ඩීසල් විදුලි මාෆියාවට අවස්ථාව සැලසීම මෙයට පෙර අවස්ථා ගණනාවක දී සිදුව තිබේ.

රජයේ අසමත්භාවය

galaguru

නොරෙච්චෝල බලාගාරයේ යන්ත්‍ර වසා දැමීම හා රටේ විදුලි සැපයුම සීමා කිරීම ද මේ නිසා සිදුව ඇත. ප්‍රමිතියක් සහිත ගල් අඟුරු ගෙන්වා ගැනීම හා ඒවා සම්බන්ධයෙන් නිසි ප්‍රමිති වාර්තාවක් ලබා ගැනීමට නොහැකිවීම රජයේ අසමත් භාවයකි. එයට බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ගල් අඟුරු සමාගම වගකිව යුතුය. ගල් අඟුරු ටෙන්ඩරයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විධිධ පාර්ශව වෙතින් එල්ල වන චෝදනා පිළිබඳ රජය පාර්ශවයෙන් කිසිදු පිළිගත හැකි පිළිතුරක් ලබාදීමට කටයුතු කර නැත.

දිනන දකුණ සාමූහිකයේ ස්ථාවරය

dinana dakuna

සති දෙකක් පුරා ආනයනික ගල් අඟුරු බාර ගැනීම හෝ ප්‍රතිකේෂ්ප කිරීමක් ද සිදුව නැත. යම් ලෙසකින් මෙම ක්‍රියාවලිය ප්‍රමාද වන්නේ නම්, රටට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ගෙන්වා ගැනීමේ දැවැන්ත අර්බුදයක් මතු විය හැකි ය. එම තත්ත්වය වලක්වා ගැනීමටත්, ගල් අඟුරු මිලදී ගැනීමේ දී පාරදෘශ්‍ය භාවයකින් යුතුව කටයුතු කිරීමත් රජයේ වගකීමක් බව දිනන දකුණ සාමූහිකයේ ස්ථාවරය වේ.

තුෂාර වීරරත්න - දිනන දකුණ සාමූහිකය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න