#namalrajapakshe

  • නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්!

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගත්තේයැයි චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ මස 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

  • නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්ට ඇප!

    සේප්පුවේ තිබූ මුදල්වල මූලාශ්‍රය හෙළි කිරීමට අපොහොසත් වීමට සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්  නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සංජේ සමරසිංහ ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (20) නියෝග කළේය.

  • නාමල්ට සෙත් පතා කැලණි පුදබිමේදී බෝධි පූජාවක්: හිටපු ජනපති මහින්ද රාජපක්ෂත් එක්වෙයි!

    මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගතව පසුවෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට සෙත් ප්‍රාර්ථනා කරමින් ඊයේ (25) රාත්‍රියේ කැලණිය රජමහා විහාරයේදී  බෝධි පූජා පිංකමක් පැවැත්විණි.

  • නිමල් පෙරේරාගේ ව්‍යාපාරික සගයා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙක් - ඩී. වී චානක

    නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දුන් නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක පැවසී ය.

  • නීතිඥවරියක නිසා මහින්දට අපලයක්

    පොහොට්ටු පක්ෂයේ කාන්තා සංවිධානවල ප්‍රධානියා ලෙස නීතිඥවරියක පත් කිරීමට මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ දැඩි ආවේගාත්මක ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.

  • නුගේගොඩ රැස්වීමට පිට පළාත්වලින් ජනතාව පැමිණීම අරඹයි

    කරුණු 21ක් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂ කණ්ඩායම් කිහිපයක් එක්ව පැවැත්වෙන පළමු ජන රැළිය අද (නොවැ: 21) නුගේගොඩදී පැවැත්වීමට නියමිත ය.
  • බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න ගියාට සාර්ථක වෙන්නෙ නෑ - නාමල් රාජපක්ෂ

    වත්මන් ආණ්ඩුව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර රාජපක්ෂවරුන් සිරගත කිරීමට උත්සාහ කළද එය සාර්ථක නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ පැල්මඬුල්ල, බෝපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

    එහිදි ඔහු මෙසේද පැවසිය.

    “ජනාධිපතිතුමා ලෝකෙ වටේ සවාරි ගිහිල්ලා ඇවිල්ලා හරියන්නෙ නෑ. රට යන එක හොඳයි, ඒකෙ ප්‍රශ්නයක් නෑ, රාජ්‍ය නායකයා රට නියෝජනය කරමින් ජාත්‍යන්තර සමුළුවලට යන්න ඕනෙ. අපි ඔවුන් හිටපු මානසිකත්වයේ නෑ. හැබැයි ජාත්‍යන්තර සමුළුවකට යනකොට, ඒ රාජ්‍ය නායකයො මුණගැහෙනකොට ඒවායින් අපිට ලැබෙන ප්‍රතිඵල ගැනත් කියන්න ඕනෙ.

    හොරාට ගිවිසුම් අත්සන් කරලා කඩේ වහලා ඉන්න එපා. දැන් සමහර රටවල් එක්ක ආණ්ඩුව හොර ගිවිසුම් අත්සන් කරලා තියෙනවා කියලා ආණ්ඩුවෙන්ම කියලා තියෙනවා ගිවිසුම දෙන්න බෑ කියලා. දෙන්න බැරිනම් ඒකෙ හංගන්න දෙයක් තියෙනවානෙ ? ඇයි කොලේ වහලා දේශපාලනය කරන්නෙ?

    දැන් මේ ආණ්ඩුවට වැඩ බැරිවෙනකොට ආණ්ඩුව උත්සාහ කරනවා අපේ කටවල් වහන්න, හිරගෙවල් පෙන්වන්න, ජීවිතේ නැතිකරන්න. ඒවාට බයේ දේශපාලනය කරන්නෙ නැහැ අපි. බොරු සාක්ෂි හදලා අපිව හිරගෙවල්වල දාන්න උත්සාහ කළත් ඒක සාර්ථක වෙන්නෙ නෑ.

    මොකද අපි දන්නවා හෘදසාක්ෂියට එකඟව අපි වැරැද්දක් කරලා නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට අභියෝග කරනවා අපක්ෂපාතීව පරීක්ෂණ කරන්න, අනවශ්‍ය ඇඟිලි ගැසිලි නවත්වන්න, දේශපාලනීකරණය නවත්වන්න.

    මේ ආයනවල ව්‍යුහගන්ගේ ගෞරවය, නිලධාරීන්ගේ ගෞරවය කෙළසන්න එපා. මොකද ආණ්ඩුව රෑට නින්දට යනකොට හීනයක් දකිනවා, ඒ හීනෙ දකින කෙනා බලලා පහුවදා නඩුවක් හදනවා. වැඩිපුරම හීනෙන් පේන්නෙ මාවයි තාත්තාවයි. ඒකයි ප්‍රශ්නෙ. අනේ මංදා ඇයි කියලා”



     

  • මම ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම් - නාමල් රාජපක්ෂ

    තමන් ඕනෑම මොහොතක ස්වාධීන පරීක්ෂණයකට මුහුණ දෙන්නට සූදානම් බවත්, තමන් කිසිදු වරදක් සිදු කර නොමැති බවත් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • මම ජනාධිපති නෙවෙයි; ජනාධිපති ගෙන් අහන්න - නාමල් රාජපක්ෂ

    රංගිරි දඹුලූ රජමහා විහාරයේ සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර  ශාස්ත්‍රපතී දඩුබැදීරුප්පේ මහින්ද නාහිමියන් බැහැ දැකීම සඳහා අද (10) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් පැමිණියහ.

  • මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ - නාමල් රාජපක්ෂ

    පාස්කු ඉරු දින ප්‍රහාරයේ මරාගෙන මැරුණ බෝම්බකරුගේ පියා ජවිපෙ ජාතික ලයිස්තුවේ බව කිසිවකු කතා කරන්නේ නැතැයි යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • මොරගහකන්ද ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවට මොකද වෙන්නෙ...? -  #AskNamal වීඩියෝවක්

    මොරගහකන්ද ව්‍යාපෘතිය වෙනුවෙන් සිය ගම් බිම් අත්හැර දමා වෙනත් පෙදෙසක පදිංචියට ගිය ජනතාව වෙනුවෙන් කිසිදු සාධනීය වැඩපිළිවෙළක් සැකසීමට යහපාලන ආණ්ඩුව සමත් වූයේ නැතැයි පරිපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ නාමල් අතර හමුවක්

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විධායක සභාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි. වී. චානක සහ එම පක්ෂයේ නියෝජිත පිරිසක් සමග සාකච්ඡා කළා යැයි එම සංගමයේ  ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසී ය.

  • රට කඩාවට්ටන සංකල්ප වර්ධනය කරන්න එපා - දමිත වික්‍රමසිංහ (වීඩියෝ)

    රට කඩාවට්ටන සංකල්ප වර්ධනය කරන්න එපා යයි පොහොට්ටු පක්ෂයේ තරුණ ක්‍රියාකාරිකයකු වන දමිත වික්‍රමසිංහ මෙරට තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

    තරුණ සේවා සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දමිත වික්‍රමසිංහ එම ඉල්ලීම කරනු ලබන්නේ සමාජ මාධ්‍යවෙත වීඩියෝවක් මුදාහරිමිනි.

    'අපිට දේශපාලනයෙන් වැඩක් නැත', අපි හම්බ කළොත් අපි කනවා' යනාදි සංකල්ප රාජ්‍ය කටාවැට්ටවීම සඳහා සුදානම්ව සිටින බලවේග විසින් නිර්මාණය කරන ලද සංකල්ප යැයි  මෙරට තරුණ පරම්පරාව තේරුම් ගත යුතු දෙයක් යැයි ද දමිත වික්‍රමසිංහ පවසයි.

    ඔහු පවසන්නේ රටක අනාගතය සැලසුම් කරන්නේ: ප්‍රාදේශීය සභා, පළාත් සභා හෝ පාර්ලිමේන්තුවට තේරී පත්වන දේශපාලන නියෝජිතයන් වන බැවින් අප කිසිවකුට දේශපාලනය බැහැර කළ නොහැකි බවයි.

    ඔහු තවදුරටත් මෙසේද පවසයි.


    ''අවුරුදු 76 ක සාපය කියන්නෙත් තවත් එක විශාල පචයක්''


    ''රටක තරුණ පරම්පරාව සැබෑ දේශපාලන දැනුමකින් සහ අවධානයකින් සිටිය යුතු බවයි මගේ යෝජනාව. එහෙම නැති වුනොත් මේ NPP Srilanka ආණ්ඩුව බලයට ගේන්න කියපු රොකට් පව, බල්ලොන්ගේ රත්තරං මාල පච, තෙල් මිල කොමිස් නැති කරලා රුපියල් 160 කින් අඩු කරනවා වගේ පච වලට අහුවෙන්නේ. එහෙම උනාම තමයි මේ වගේ වැඩ බැරි JVP Srilanka සෙට් එකකට බලය යන්නේ.

    අවුරුදු 76 ක සාපය කියන්නෙත් තවත් එක විශාල පචයක්. 1950 දි ආයු කාලය අවුරුදු 50 අද වෙනකොට අවුරුදු 73 යි. සාක්ශරතාවය 60% ඉදන් අද වෙනකොට 95% යි. මේ ජයග්‍රහණ ලබා ගත්තෙත් ජවිපේ සහ එල්ටීටීයී අරගල තුලින් රටට නැති කරපු ඩොලර් බිලියන 200 ක වත්කම් හානියත් එක්ක.

    සැකයක් තියාගන්න එපා අපි Namal Rajapaksa එක්ක මේ රට හදනවා...'




     
  • ලාල්කාන්ත ආගමික ද්වේෂය පතුරවනවා- නාමල් රාජපක්ෂ

    කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසී ය.   

  • ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටියත් උස්සයි - නාමල් රාජපක්ෂ

    ආණ්ඩුවට ලබා දිය හැක්කේ උපරිම සහනය හාල් කිලෝ 20ක් රජයේ සේවකයින්ට ණයට දෙන එක පමණක් බවත්, යම් ආකාරයකින් ණය නොගෙව්ව හොත් බත් මුට්ටිය රැගෙන යැ හැකි බවත්, ඒ ජේවීපීයට නිවාසවලට පැන බත් මුට්ටි රැගෙන ගොස් පුරුදු නිසා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවීමට නියෝග!

    දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාප්පක්ෂට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (17) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

  • වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ මේ වසරේ - නාමල් රාජපක්ෂ

    ක්ලීන් ශ්‍රී ලංකා කොච්චර ක්ලීන්ද යැයි පවසන්නේ නම් ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ මේ වසරේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • වී ගොවියා ගේ අස්වනුවලට සාධාරණ මිලක් දෙන්න - නාමල් රාජපක්ෂ

    වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාර්ණ මිලක් ලබාදීමට රජය කටයුතු කලයුතු බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • වී මිලදී ගැනීමට රජය සෘජුව මැදිහත් විය යුතුයි - නාමල් රාජපක්ෂ

    හාල් මිල පාලනය කිරීමට හැකිවන්නේ රජය වී මිලදී ගැනීමට සෘජුව මැදිහත් වී යම් වී සංචිත ප්‍රමාණයක් තබා ගැනීමෙන් බවත්, එසේ නොමැතිව පෞද්ගලික අංශයට හෝ වෙළඳපොළට මිල තීරණය කිරීමට ඉඩ දීමෙන් ගොවියාට සාධාරණයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

  • සමහරු ආණ්ඩුවට විරුද්ධව කටඋත්තර දුන්නම සියදිවි හානිකරගන්න තැනට පත් වෙලා - නාමල් රාජපක්ෂ

    සියදිවි හානිකර ගැනීමේ වැඩි ම කාල සීමාව බවට මේ කාලය පත්ව ඇති බවත්, විශේෂයෙන් ම ඇතැම් පුද්ගලයින් ආණ්ඩුවට විරුද්දව කට උත්තර ලබා දුන් පසු සිය දිවි හානි කරගන්නා තත්ත්වයට පත්ව ඇතැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න