#namalrajapakshe

  • මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ - නාමල් රාජපක්ෂ

    පාස්කු ඉරු දින ප්‍රහාරයේ මරාගෙන මැරුණ බෝම්බකරුගේ පියා ජවිපෙ ජාතික ලයිස්තුවේ බව කිසිවකු කතා කරන්නේ නැතැයි යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • මොරගහකන්ද ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවට මොකද වෙන්නෙ...? -  #AskNamal වීඩියෝවක්

    මොරගහකන්ද ව්‍යාපෘතිය වෙනුවෙන් සිය ගම් බිම් අත්හැර දමා වෙනත් පෙදෙසක පදිංචියට ගිය ජනතාව වෙනුවෙන් කිසිදු සාධනීය වැඩපිළිවෙළක් සැකසීමට යහපාලන ආණ්ඩුව සමත් වූයේ නැතැයි පරිපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ නාමල් අතර හමුවක්

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විධායක සභාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි. වී. චානක සහ එම පක්ෂයේ නියෝජිත පිරිසක් සමග සාකච්ඡා කළා යැයි එම සංගමයේ  ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසී ය.

  • රට කඩාවට්ටන සංකල්ප වර්ධනය කරන්න එපා - දමිත වික්‍රමසිංහ (වීඩියෝ)

    රට කඩාවට්ටන සංකල්ප වර්ධනය කරන්න එපා යයි පොහොට්ටු පක්ෂයේ තරුණ ක්‍රියාකාරිකයකු වන දමිත වික්‍රමසිංහ මෙරට තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

    තරුණ සේවා සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දමිත වික්‍රමසිංහ එම ඉල්ලීම කරනු ලබන්නේ සමාජ මාධ්‍යවෙත වීඩියෝවක් මුදාහරිමිනි.

    'අපිට දේශපාලනයෙන් වැඩක් නැත', අපි හම්බ කළොත් අපි කනවා' යනාදි සංකල්ප රාජ්‍ය කටාවැට්ටවීම සඳහා සුදානම්ව සිටින බලවේග විසින් නිර්මාණය කරන ලද සංකල්ප යැයි  මෙරට තරුණ පරම්පරාව තේරුම් ගත යුතු දෙයක් යැයි ද දමිත වික්‍රමසිංහ පවසයි.

    ඔහු පවසන්නේ රටක අනාගතය සැලසුම් කරන්නේ: ප්‍රාදේශීය සභා, පළාත් සභා හෝ පාර්ලිමේන්තුවට තේරී පත්වන දේශපාලන නියෝජිතයන් වන බැවින් අප කිසිවකුට දේශපාලනය බැහැර කළ නොහැකි බවයි.

    ඔහු තවදුරටත් මෙසේද පවසයි.


    ''අවුරුදු 76 ක සාපය කියන්නෙත් තවත් එක විශාල පචයක්''


    ''රටක තරුණ පරම්පරාව සැබෑ දේශපාලන දැනුමකින් සහ අවධානයකින් සිටිය යුතු බවයි මගේ යෝජනාව. එහෙම නැති වුනොත් මේ NPP Srilanka ආණ්ඩුව බලයට ගේන්න කියපු රොකට් පව, බල්ලොන්ගේ රත්තරං මාල පච, තෙල් මිල කොමිස් නැති කරලා රුපියල් 160 කින් අඩු කරනවා වගේ පච වලට අහුවෙන්නේ. එහෙම උනාම තමයි මේ වගේ වැඩ බැරි JVP Srilanka සෙට් එකකට බලය යන්නේ.

    අවුරුදු 76 ක සාපය කියන්නෙත් තවත් එක විශාල පචයක්. 1950 දි ආයු කාලය අවුරුදු 50 අද වෙනකොට අවුරුදු 73 යි. සාක්ශරතාවය 60% ඉදන් අද වෙනකොට 95% යි. මේ ජයග්‍රහණ ලබා ගත්තෙත් ජවිපේ සහ එල්ටීටීයී අරගල තුලින් රටට නැති කරපු ඩොලර් බිලියන 200 ක වත්කම් හානියත් එක්ක.

    සැකයක් තියාගන්න එපා අපි Namal Rajapaksa එක්ක මේ රට හදනවා...'




     
  • ලාල්කාන්ත ආගමික ද්වේෂය පතුරවනවා- නාමල් රාජපක්ෂ

    කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසී ය.   

  • ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටියත් උස්සයි - නාමල් රාජපක්ෂ

    ආණ්ඩුවට ලබා දිය හැක්කේ උපරිම සහනය හාල් කිලෝ 20ක් රජයේ සේවකයින්ට ණයට දෙන එක පමණක් බවත්, යම් ආකාරයකින් ණය නොගෙව්ව හොත් බත් මුට්ටිය රැගෙන යැ හැකි බවත්, ඒ ජේවීපීයට නිවාසවලට පැන බත් මුට්ටි රැගෙන ගොස් පුරුදු නිසා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ මේ වසරේ - නාමල් රාජපක්ෂ

    ක්ලීන් ශ්‍රී ලංකා කොච්චර ක්ලීන්ද යැයි පවසන්නේ නම් ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ මේ වසරේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • වී ගොවියා ගේ අස්වනුවලට සාධාරණ මිලක් දෙන්න - නාමල් රාජපක්ෂ

    වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාර්ණ මිලක් ලබාදීමට රජය කටයුතු කලයුතු බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • වී මිලදී ගැනීමට රජය සෘජුව මැදිහත් විය යුතුයි - නාමල් රාජපක්ෂ

    හාල් මිල පාලනය කිරීමට හැකිවන්නේ රජය වී මිලදී ගැනීමට සෘජුව මැදිහත් වී යම් වී සංචිත ප්‍රමාණයක් තබා ගැනීමෙන් බවත්, එසේ නොමැතිව පෞද්ගලික අංශයට හෝ වෙළඳපොළට මිල තීරණය කිරීමට ඉඩ දීමෙන් ගොවියාට සාධාරණයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

  • සමහරු ආණ්ඩුවට විරුද්ධව කටඋත්තර දුන්නම සියදිවි හානිකරගන්න තැනට පත් වෙලා - නාමල් රාජපක්ෂ

    සියදිවි හානිකර ගැනීමේ වැඩි ම කාල සීමාව බවට මේ කාලය පත්ව ඇති බවත්, විශේෂයෙන් ම ඇතැම් පුද්ගලයින් ආණ්ඩුවට විරුද්දව කට උත්තර ලබා දුන් පසු සිය දිවි හානි කරගන්නා තත්ත්වයට පත්ව ඇතැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

  • සියලු ම රටවල ජනතාව ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස සියලු පාර්ශවවලින් ඉල්ලා සිටිනවා - නාමල් රාජපක්ෂ

    පසුගිය දිනවල මැදපෙරදිග කලාපයේ සිවිල් වැසියන්ට: මිසයිල  ප්‍රහාරවලින් ගොඩනැගිලි, සාප්පු සංකීර්ණ මෙන්ම හෝටල් වෙත එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් තුවාල සිදුවන බවට වාර්තා වෙන ප්‍රමාණය වැඩි වෙමින් පවතී.

  • ෆොන්සේකාගේ මහින්ද විරෝධී ප්‍රකාශයට එරෙහිව දැඩි ප්‍රතිචාරයක්

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පැවති උත්සවයකදීය.

    "මේ රටේ දූෂිත ජාලයක් තියෙනවා. ඒ දූෂිත ජාලය ජාත්‍යන්තර වශයෙනුත් ඉදිරියට ගෙනිහිල්ලා පාලනය කරන්නේ මේ රටේ රාජපක්ෂවරු. මහින්ද රාජපක්ෂලාට තියෙන වරප්‍රසාද කපලා ගෙදර භාරදෙන්න කියලා තියෙනවා. මම දැක්කා ඊයේ ටිවී එකේ රාජපක්ෂලාගේ හෙන්චයියෙක් ඇවිල්ලා කට රවුම් කර කර බොහොම උජාරුවට කියනවා මේ ගෙදර තියෙනවාලු ජනාධිපති මන්දිරෙනුයි, අරලියගහ මන්දිරෙනුයි ගෙනාපු ලී බඩු උපකරණ මේවා ඒ අයි ඇවිත් අරගෙන යන්න ඕනේලු එතකොට ඉතුරුවෙන ඒවා තමයිලු අපේ පුද්ගලික උපකරණ එතකොට අපි ඒවත් අරගෙන යන්නම්ලු. තමුන්නාන්සේලා හිතනවද ඒ ගෙදරට හිරමණයක් හරි ගෙනෙයි කියලා අතේ සල්ලිවලින්. මම ආණ්ඩුවේ අධිකරණ ඇමතිනම්... මම පළවෙනියෙන්ම මහින්ද රාජපක්ෂ දාන්නේ අරලියගහ මන්දිරයේ තියෙන අර වටිනා දේපොළ මේකට ඉස්සුවාට. පැය 24න් ගිහිල්ලා අත්අඩංගුවට ගන්න පුළුවන්.  



    sarath


    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් Prasad Munaweera සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

    ● වසර 35ක් යුද හමුදාවේ සේවය කර විශ්‍රාම යෑමට සූදානම් වූ විට සේවා දිගුවක් දී ඔබව යුද හමුදාපති කරන්නේ මහින්ද



    ● 2006 ඔබගේ මූලස්ථානයටම ඇවිත් සිදු කල මරාගෙන මැරෙන බෝම්බයෙන් අසාධ්‍ය වූ ඔබව ලොකේ කොහේ හරි ගෙනිහින් සනීප කරලා දෙන්න කිව්වේ මහින්ද



    ● ජෙනරාල් කොබ්බෑකඩුව වඩමාරච්චි මෙහෙයුමේදී යුද්ධය නිම කිරීමට ආසන්නයටම පැමිණ තිබියදී දේශපාලන නායකත්වය එම මෙහෙයුම නතර කලහ. අවසානයේ ජෙනරාල්ට තම ජීවිතයද අහිමි විය.



    ●නමුත්, සෝල්හයිම්, මිලිබෑන්ඩ් ඇතුලු බටහිර රටවල දැවැන්ත ජාත්‍යන්තර බලපෑම් වලට නතු නොවී ඔබට යුද්ධ කිරීමට සම්පූර්ණ නිදහස සහ ශක්තිය ලබා දුන්නේ මහින්ද



    ● කොටින්ම යුද ජයග්‍රහණය අරලියගහ මැදුරේ සැමරූ අවස්ථාවේදීද තම සහෝදරයා වූ ආරක්ෂක ලේකම් ගෝඨාද පසෙකලා ඔබට කේක් කපා එය සැමරීමේ ප්‍රමුඛතාවය ලබා දුන්නේ මහින්ද

    ඒ මහින්ද ඔබ වැඩ්ඩෙක් සහ දක්ෂයෙකු බව දැන සිටි නිසායි.

    අප සියලු දෙනාටද යුද ජයග්‍රහණයේ ඔබ කල විශාල සේවය කිසිවිටක ප්‍රතික්ෂේප කල නොහැක.

    නමුත් ඔබ ඉන්පසු කලේ කුමක්ද?



    *UNP සහ JVP ලණුවක් කමින් ඒ මහින්දට විරුද්ධව ජනාධිපතිවරණයට තරග කලා. නමුත්, එය ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියයි.



    *කෙසේ වුවද ඔබට කිසිදු දිනක සමාව දිය නොහැකි වරද වන්නේ සුදු කොඩි කතාව හරහා සමස්ත හමුදාව පාවා දුන් ඒ දේශද්‍රෝහි ක්‍රියාවයි. ‍



    *එම කතාව අදටත් අපගේ වීරෝදාර රණවිරුවන්ට ඉදිරිපත් කරන අභූත යුද අපරාධ චෝදනා සඳහා ජාත්‍යන්තරය ප්‍රබලව යොදා ගන්නවා.



    එම පාවාදීම, හමුදාවේ සිටියදී දේශපාලනය කිරීම සහ අවි ගණුදෙනුවක් සම්බන්ධව ඔබ යුද නීතිය යටතේ සිරගත වෙනවා.



    ඔබ කල සේවය සලකා බැලීමෙදී දෙවන සහ තෙවන වරදට ඔබ සිරගත කිරීමට මම එකඟ වන්නේ නැත.



    නමුත්, හමුදාව පාවා දීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරගත කලද කමක් නැත.



    එසේ තිබියදීත්, එදා ඔබ සිරගත කිරීම සිදු නොකර සිටියානම් හොඳයි කියා අද නාමල් කියනවා. ඒ මහින්දගේ පුතා.



    ඔබ ඔබ ගැන පෞද්ගලිකව සිතූ විට ඔබ කල පාවා දීම 100% නිවැරදි බව අද ඔබට පුන පුනා වැටහෙනවා ඇත.



    මන්ද, ආරක්ෂිත නිවසේ සිට වෙඩි නොවදින රථය දක්වා අහිමි කරමින් මහින්ද පස්සේ පන්න පන්නා පලිගන්නා විට,



    ඔබ තනියෙන් යුද්ධ කල ලෙසට ඔබ හැසිරුණද, ඔබ හැර අන් සියලු රණවිරු නායකයින්ට ජාත්‍යන්තර සම්බාධක පනවන විට,



    හිටපු නාවික හමුදාපතිගේ සිට ත්‍රස්තවාදීන් පාවා දී රජයට සහය වූ පිල්ලෙයාන් දක්වා පලිගන්නා විට,



    ඔබට මේ කිසිදු පලිගැනීමකට, වෛරයකට ලක් වන්නේ නැත.



    ඒ ඔබ සතුරන් සතුටු වන ලෙස කටයුතු කර, ඔබ ඔබට ලබාගත් රක්ෂණය නිසාය.



    නමුත්, ඔබ ඔබ ගැන සිතා කටයුතු කල විට මහින්ද කුමන බලපෑම් මධ්‍යයේ වුවත් අදටත් රට සහ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින බව අප මෙන්ම ඔබත් හොදින්ම දන්නවා.



    එය ඔබ මේ කරනා කුහක, ඉරිසියාකාර, වෛරී, අපහාසාත්මක ප්‍රකාශ තුලින් රටේ ජනතාවට මැනවින් ප්‍රදර්ශනය කරයි.



    කෙසේ වුවත් මේ වම්පස සිටින ෆොන්සේකාට අප අදටත් ආදරෙයි, ණයගැතියි. 



    නමුත්, දකුණු පස සිටිනා පුද්ගලයා ගැනනම් ඇත්තේ අප්‍රසාදයක් මෙන්ම මහත් කණගාටුවක් පමණි. 

Page 3 of 3

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න