මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට කැරට් 24 රන් පවුමක් අද (09) රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පවසයි.
ඊට අනූව එම අධිකාරියේ රන් ප්‍රමාණ නිශ්චය කිරිම හා මුද්‍රා තැබීමේ සහකාර අධ්‍යක්ෂක ඉන්දික බණ්ඩාර සඳහන් කර ඇත්තේ රන් සංචිත අඩු විම හේතුවෙන් මෙලෙස රත්ත්‍රන් මිල ඉහල ගොස් ඇති බවයි.
කැරට් 22 රන් පවුමක වෙළදපල මිල අද දිනයේදී රුපියල් 93,000ක අගයක් ගෙන ඇති බවත් එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 6000කින් පමණ ඉහළ ගොස් ඇති බවද ඔහු ප්‍රකාශ කර ඇත.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට රත්ත්‍රන් පැමිණීම අඩාල වී ඇති බවත් යලි ගුවන් සේවා ඇරඹීමෙන් පසු රන් මිලෙහි ස්ථාවරත්වයක් ඇති වනු ඇති බව සහකාර අධ්‍යක්ෂක ඉන්දික බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.
කොරෝනා වසංගතය ආරම්භයේදී කැරට් 22 ක රන් පවුමක මිල මෙරට වෙළදපලේ පැවතියේ රුපියල් 82,000 -84,000 අතර මිලකටය.
පවතින තත්ත්වය මත ඉදිරියේදී රන් පවුමක මිල ඉදිරියේදීත් තවත් ඉහළ යනු ඇති බවයි ජාතික මැණික් හා ස්වරනාභරණ අධිකාරියේ රන් ප්‍රමාණ නිශ්චය කිරිම හා මුද්‍රා තැබීමේ සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.