Language Switcher

Ad

Ad 01

V2025

ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස කිතුල් නම් කෙරේ

කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ශ්‍රී ලංකාවට ආවේණික කර්මාන්තයක් වශයෙන් මෙන්ම විදේශ විනිමය ඉපැයීම සඳහා ඉහළ විභවතාවක් පවතින කර්මාන්තයක් වශයෙන් ද හඳුනාගනු ලැබ  ඇත.

දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය ඔස්සේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කිරීමේ වැඩ පිළිවෙල යටතේ කිතුල් බෝගය ආශ්‍රිත කර්මාන්ත පුළුල් කිරීම සුදුසු බවට හඳුනාගෙන ඇති අතර,  ඒ අනුව, කිතුල් බෝගය ප්‍රධාන වැවිලි බෝගයක් වශයෙන් නම් කිරීමටත්, කිතුල් සංවර්ධන මණ්ඩලය ස්ථාපිත කිරීමටත්  අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.