Language Switcher

Ad

Ad 01

V2025

එළවළු හොඳටම ගණන් !

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවළු මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.

දඹුල්ල ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රදීප් ගුණවර්ධන සඳහන් කළේ, වැසි තත්ත්වය හේතුවෙන් ලැබෙන එළවළු තොග අඩුවිම මෙම මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝග්‍රෑම් 01ක මිල සටහන් වූයේ රුපියල් 700 ක් ලෙසය.වට්ටක්කා කිලෝග්‍රෑම් 01ක් රුපියල් 240 කට ද බඩ ඉරිඟු කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 140 ක මිලකට ද අලෙවි වන බව ඔහු පැවසීය.

(News 1st)