Language Switcher

Ad

Ad 01

V2025

කෝටියක කහ ගිනි තියයි..!

නීතිවිරෝධී ලෙසින් ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කර කල්පිටිය අම්මාතෝට්ටම කළපු තීරයේ සඟවා තිබියදී පුත්තලම කොට්ඨාස විස මත්ද්‍රව‍්‍ය ඒකකය මගින් අත් අඩංගුවට ගත් කහ තොගයක් කල්පිටිය උසාවි භූමියේ දී ගිනි තබා විනාශ කර තිබේ.

මෙලෙස විනාශ කරන ලද කහ කිලෝ 1380 කුත් ග්‍රෑම් 500 ක් ගිනි තැබූ අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 50 කට ආසන්න වේ.

වත්මන් වෙළද පොළ වටිනාකම රුපියල් ලක්ෂ 96 ක් පමණ වේ.

මෙම ගිණි තැබීම පිළිබඳව අදහස් දක්වමින් කල්පිටිය සහකාර පොලිස් අධිකාරී ඩී.ඩී.පී.වීරසිංහ මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් සහ නියෝග මත, මෙම කහ තොගය ගිනි තබා මුළුමනින්ම විනාශ කර උසාවියට කරුණු වාර්තා කරන බවයි.

(Lankadeepa )