Language Switcher

V2025

ලංකාවේ ඒකපුද්ගල ණය ලක්ෂ 4 ඉක්මවයි

මෙරට ඒකපුද්ගල ණය ප්‍රමාණය 2016 වසර අවසාන වන විට රුපියල් 417913.00 බව වාර්තා වෙයි.

මේබව අනාවරණය වී ඇත්තේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම මහජන ණය කළමනාකරණ වාර්තාවට හරහාය.

2015 වසර අවසානයේ දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය සටහන් වූයේ රුපියල් 371462.00 ක් වශයෙන් වන අතර 2005 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 108908.00 ක් ලෙසින් සටහන් විය.

ඒ අනුව වසර 11 ක් තුළ දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය සිව් ගුණයකින් ඉහළ ගොස් ඇත.