Language Switcher

Ad

Ad 01

V2025

ගෑස් මිල රුපියල් 655 කින් ඉහළට !

මෙරට ගෑස් ඒකාධිකාරය පවත්වාගෙන යන රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් දෙක අතරින් පෞද්ගලික සමාගම විසින් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 655කින් වැඩිකරන ලෙස පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා ඇත.

ගෑස් මිල වැඩිකිරීම පිළිබඳ ලිට්රෝ රාජ්‍ය සමාගමද බලවත් අවධානය යොමුකර තිබේ.

මෙසේ තිබියදී පෞද්ගලික සමාගමේ ඉල්ලීම මත මිල ගණන් වැඩිකළ හොත් අනිවාර්යයෙන්ම රාජ්‍ය සමාගම විසින් බෙදාහරින ගෑස් මිල ගණන්ද වැඩිකරනු ඇත.ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යන ආකාරයට සරිලන ආකාරයට මෙරට තුළ මිල ගණන් වැඩි කළ යුතු බව දක්වමින් අදාළ පෞද්ගලික සමාගම විසින් මේ වන විට නිශ්චිතව වැඩිකළ යුතු මිලද දක්වා තිබේ.

lanka truth