Language Switcher

Ad

Ad 01

V2025

චීනයෙන් ලංකාවට ණයක්

ශ්‍රී ලංකාව, චීනය සමග අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය ගිවිසුමකට එළඹියේ ය.

නිවේදනයක් නිකුත් කරමින් බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ, චීන සංවර්ධන බැංකුව සමග එළැඹි ගිවිසුමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන අත්සන් තැබූ බවයි.

කොවිඩ් 19 තත්ත්වය හමුවේ පසුබෑමකට ලක්ව ඇති ශ්‍රී ලංකා ආර්ථිකය නගා සිටුවීම සඳහා මෙම මුදල යෙදවීමට නියමිතය.

මෙම ඩොලර් මිලියන 500 ක ණය මුදල, චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට පොරොන්දුවූ ඩොලර් බිලියනයක ණය මුදලේ දෙවන වාරිකය වේ. එහි පළමු වාරිකය පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට හිමිවිය.