Language Switcher

V2025

ඇඟලුම් අපනයන ආදායමත් පහතට !

වසරේ ගෙවීගිය මුල් මාස දෙක තුළදී ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 794 දක්වා පහත වැටී ඇති බව මහ බැංකුවේ අලුත්ම නිවේදනයකින් හෙළිවේ.

පසුගිය 2020 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ ලෝකය පුරා කොරොනා වසංගතය පැතිරී යමින් තිබියදීද, ඩොලර් මිලියන 870ක ඇඟලුම් අපනයන ආදායමක් උපයා තිබූ අතර මෙම වසරේ එම මාස දෙක තුළදී, එය ඩොලර් මිලියන 794දක්වා පහත වැටී තිබේ.

මේ අනුව ලංකාවට විදේශ විනිමය ආදායම් උපයාගන්නා විදේශ සේවා නියුක්තිය, සංචාරක ව්‍යාපාරය, ඇඟලුම් අපනයනය, යන ප්‍රධාන අංශ තුනෙන් විදේශ රැකියා ඉපයිම් හැර අනෙකුත් අංශ දෙකේම ආදායම් බරපතළ ලෙස පහත වැටී ඇත.

lanka truth