Language Switcher

V2025

මෑත ඉතිහාසයේ අඩුම උද්ධමනය පෙබරවාරි මාසයේ

පසුගිය පෙබරවාරි මාසයේ උද්ධමනය විශාල ලෙස අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙන නිවේදනයට අනුව මේ වසරේ පෙබරවාරි මාසය තුළ උද්ධමනය 3.2% දක්වා අඩු වී ඇති අතර එය ජනවාරි උද්ධමනයට සාපේක්ෂව 2.2 %ක අඩුවීමකි. මේ වසරේ ජනවාරි මාසයේ උද්ධමනය 5.4%කි.

එසේම 2018 පෙබරවාරි මාසයේ වාර්තා වූ පහළ උද්ධමන අගය 2016 අප්‍රේල් මාසයේ සිට වාර්තා වූ අවම උද්ධමනය ලෙසද සැලකෙයි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මේ වසරේ පෙබරවාරි මාසයේ ආහාර ද්‍රව්‍ය වල පැවති අඩු මිළ මට්ටම් උද්ධමනය පහල වැටීමට හේතු වූ බවය.

ඊට අනුව එළවළු, අමුමිරිස්, රතු ලූණු, සහල්, ලොකු ලූණු, කෙසෙල්, මයිසූර් පරිප්පු, මාළු, අර්තාපල්, සීනි, දෙහි සහ පැපොල් යනආහාර ද්‍රව්‍ය වල මිල අඩුවීම උද්ධමනය පහල වැටීමට බලපා තිබේ.