Language Switcher

Ad

Ad 01

V2025

ඉන්ධන මිලේ වෙනසක් නෑ !

ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලැබුවත් මේ අවස්ථාවේ ඉන්ධන මිල වැඩි කර ජනතාව පීඩනයට පත් කිරීමට අදහස් නොකරන බව ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කර ඇති බව වාර්තා වෙයි.ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලැබුවත් මේ අවස්ථාවේ ඉන්ධන මිල වැඩි කර ජනතාව පීඩනයට පත් කිරීමට අදහස් නොකරන බව ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ (24) පැවති කැබිනට් මණ්ඩල හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

එසේම ඛනිජ තෙල් වෘත්තීය සමිතිද පසුගියදා ඉල්ලා තිබුණේ නිවැරදි මිල සුත්‍රයක් හඳුවාදෙන තුරු ඉන්ධන මිලේ වෙනසක් සිදු නොකරන ලෙසය.

මීට පෙර ඉන්ධන මිල සඳහා මිල සුත්‍රයක් හඳුවාදීමට රජය තීරණය කර තිබූ අතර එය සකසන නිලධාරීන් අත්‍යාවශ්‍ය රාජකාරී කටයුත්තක් සඳහා විදෙස්ගතව සිටින බැවින් එය පසුවට කල් තැබීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබිණ.