Language Switcher

V2025

ඩොලරය ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරයි : 159 ඉක්මවයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණයවීම  අද (25) සටහන් වුයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 159.0445 ක් ලෙසය.

මුල්‍ය වෙළඳපොල ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මෙම අගය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමරිකානු ඩොලරයක් වාර්තා කළ වැඩිම විකුණුම් මිල ලෙසය.

මාස ගණනාවක සිට ඩොලරයේ අගය රුපියල් 150 ඉක්මවා පවතින අතර ඊට ප්‍රධාන හේතුව ලෙස මුල්‍ය වෙළඳපොළ විශ්ලේෂකයින් සඳහන් කර සිටින්නේ රටේ පවතින දේශපාලන අස්ථාවර භාවයයි.

මේ හේතුව මත නව ආයෝජන පැමිණීම සීමාවී ඇති බවත්, විදේශ විනිමය රට තුළට ගලා ඒම ඒ මත දුර්වලවී ඇති බවත් ආනයන වර්ධනයත් මීට දායකවී ඇති බවද ඔවුන් සඳහන් කරයි.