Language Switcher

Ad

Ad 01

V2025

ඉදිරි මාස 3 තුළ රුපියල අවප්‍රමාණයවීම සීමාවන ලකුණු !

ඉදිරි මාස දෙක තුනක කාලය තුළදී හම්බන්තොට වරායේ අවසාන ගෙවීම වශයෙන් මුදල් ලැබීමත් රටට මුදල් ගලා ඒමත් සමඟ  රුපියල තවදුරටත් අව ප්‍රමාණය වීම වලකිනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ 2017 වාර්ෂික මහ බැංකු වාර්තාව නිකුත් කිරීම වෙනුවෙන් ඊයේ(26) පැවැති මාධ්‍ය හමුවකදී වන අතර  විනිමය අනුපාත තීරණයවීම වෙළෙඳපල මත සිදුවීමට ඉඩහැර ඇති බවත් ඒ  සඳහා මහ බැංකුව අඩු මැදිහත්වීමක් දක්වා ඇති බවද එහිදී පැවසීය.

නමුත් කවුරුන් හෝ රුපියල  අවප්‍රමාණය කිරීමට උත්සහ ගන්නේ  නම් විදේශ විනිමය අනුපාතය නියත අගයේ පවත්වා ගැනීමට මැදිහත් වන බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කර සිටින්නේ   රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව වෙනස් වුවද විදේශ ණය සම්බන්ධයෙන් ගැටළුවක් නොවන බවයි.