Language Switcher

Ad

Ad 01

V2025

කිරිපිටි මිල ඉහළ දමන්න : ජීවන වියදම් කමිටුව නිර්දේශ කරයි

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීම සඳහා ජීවන වියදම් කමිටුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත් ඊට අනුව ආනයනික කිරිපිටි මිල වැඩිකිරිමට අදාළ ගැසට් නිවේදනය අද (04) පස්වරුවේ නිකුත් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව ගෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් සහ කිලෝග්‍රෑමයක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව නිර්දේශ කර ඇත.
ආනයනික කිරිපිටි මිල 2015 වසරේ සිට වැඩි කර නොමැති අතර මිල වැඩිකිරීම සම්බන්ධයෙන් කිරිපිටි සමාගම් විසින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.

කෙසේවෙතත් ජීවන වියදම් කමිටු ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ආනයනික කිරිපිටි  සමාගම් ඉල්ලා සිටි මිලට වඩා අඩුමිලකින් කිරිපිටි මිල වැඩිකිරිමට ඊයේ (03) රැස්වූ අවස්ථාවේ තීරණය කළ බවය.