Language Switcher

V2025

බස් මාෆියාවේ ඇත්ත හෙළිවේ : භූමිතෙල් පරිභෝජනය 50%කින් අඩුවෙලා !

භූමිතෙල් මිල ඉහළ දැමීම නිසා භූමිතෙල් පරිභෝජනය 50% කින් පමණ අඩුවී ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය  අර්ජුන රණතුංග  අද (22) පැවති කැබිනට් හමුවේදී අනාවරණය කර ඇති බව වාර්තා වෙයි.

භුමිතෙල් ඩීසල් සමඟ කලවම් කර බස් රථ ධාවනයට යොදාගෙන ඇති නමුත් භූමිතෙල් මිල රුපියල් 57කින් වැඩි කිරිමත් සමඟ බස්රථ ධාවනයට භූමිතෙල් යොදා ගැනීමට අඩුවී ඇතැයි ද අමාත්‍යවරයා එහිදී  පෙන්වා දී ඇත.

මේ තත්ත්වය නිසා භූමිතෙල් පරිභෝජනය 50% කින් පමණ අඩුවී ඇති බවත්  භූමිතෙල් සහනයෙන් වැරදි ප්‍රයෝජන ගෙන ඇති බව මින් පැහැදිලි වන බවද අමාත්‍යවරයා  සඳහන් කර ඇත.

රුපියල් 44ක් වශයෙන් පැවැති භූමිතෙල් ලීටරයක මිල මීට සති දෙකකට පමණ පෙර රුපියල් 101 දක්වා වැඩි කෙරිණි. රුපියල් 57 කින් භූමිතෙල් මිල ඉහළ දැමුනත් රජය සඳහන් කර සිටියේ සමෘද්ධි ලාභීන් ඇතුළු ධීවර ජනතාව සඳහා පමණක් පැරණි මිල යටතේ භූමිතෙල් සහනාධාරය ලබාදෙන බවය.

ජාවාරම් මඩින විට : ඒකාබද්ධ විපක්ෂයට රිදෙන හේතුවත් එළියට !

එහිදී ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ඇතැම් පාර්ශව ඊට එරෙහිව මාරාන්තික විරෝධයක් දක්වා සිටියේ ආණ්ඩුව පොඩි මිනිහාගේ කරමත බදුබර පටවන බව සඳහන් කරමින්ය. මේ ආකාරයටම ආනයනික රත්‍රන් සඳහාද තීරුබදු වැඩිකළ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලා මාරාන්තික විරෝධයක් පෑවා අපට මතකය.

නමුත් පසුව අනාවරණය වුයේ මෙරට පැවති ආනයනික රත්‍රන් සඳහා වූ තීරුබදු සහනය යොදාගෙන ආනයනය කරනු ලබන රන් තොග නීති විරෝධී ආකාරයෙන් ඉන්දියාව ඇතුළු රටවලට අපනයනය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවය. දිගින් දිගටම රේගුව විසින් එවැනි අවස්ථා වැටලූ අතර තවමත් එම වැටලීම්  සිදුවෙමින් පවතී. 

මේ සම්බන්ධව newstube.lk වෙත අදහස් දැක්වූ වෙළඳපොල ආර්ථික විශ්ලේෂකයකු සඳහන් කර සිටියේ පසුගිය පාලන සාමය තුළ ජනතාවට සහනාධාර දෙන බවට මහා පරිමාණ ප්‍රචාරණ සිදුකර ලබාදුන් බොහෝ සහන පිටුපස ඇත්තටම ක්‍රියාත්මක වුයේ ජාවාරම් බවය.

එහෙයින් ආණ්ඩු වෙනසින් පසුව පවා ජාවාරම්කාරයින් වෙතින් පැවති පාලකයන් වෙත මහා ධනස්කන්ධ ගලා ආ බවත් නමුත් පසුගිය මාස කිහිපයක සිට එම ජාවාරම් එකිනෙක මර්දනය කිරීමට පියවර ගන්නා විට විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂය මාරාන්තිකව ඒවාට විරෝධය පලකරන බවය.

එසේම රටේ ආර්ථිකයට යටින් දිවෙන කළු ආර්ථිකයන් ගැන ජනතාවට ඇති අඩු අවබෝධය හේතුවෙන් ජනතාව සිතන්නේ මේ අය තමන් වෙනුවෙන් හඬ නගනබව වුවත් මේ අය ඇත්තට පෙනී සිටින්නේ ජාවාරම්කාර මාෆියා වෙනුවෙන් බව ද ඔහු පැවසීය.