Language Switcher

V2025

බදු ගැන බන්දුලගේ වැදී බණ

රාජ්‍ය බදු ආදායම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ජනතාව නොමග යවන අදහස් ප්‍රචාරය කරමින් සිටින බවත් එය ජනතාව වෙත කරනු ලබන අවමානයක් බවත් මුල්‍ය වෙළඳපොල විශ්ලේෂකයින් සඳහන් කර සිටියි.රාජ්‍ය බදු ආදායම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ජනතාව නොමග යවන අදහස් ප්‍රචාරය කරමින් සිටින බවත් එය ජනතාව වෙත කරනු ලබන අවමානයක් බවත් මුල්‍ය වෙළඳපොල විශ්ලේෂකයින් සඳහන් කර සිටියි.

පසුගිය අවුරුදු 10 කාලය තුළ බදු ආදායම බිලියන 714කින් වැඩි වුනත් මේ ආණ්ඩුව යටතේ අවුරුදු 4ක් තුල බදු ආදායම බිලියන 984කින් වැඩිවී ඇති බවත් වසරකට බිලියන 246ක් වැඩිවෙලා , ඒ කියන්නේ තුන් ගුණයකින් වැඩිවෙලා කියලා බව කියමින් බන්ධුල ගුණවර්ධන මන්ත්‍රීවරයා සිදුකල ප්‍රකාශය පදනම් කරගෙන ඔවුන් මේ බව සඳහන් කරයි.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ රටක් සංවර්ධනය වීමේදී ඊට සාපේක්ෂව රාජ්‍ය බදු ආදායම් වර්ධනය විය යුතු බවත් රජයේ බදු ආදායම් යනු ජනතාව පෙළන හෝ පීඩාවට පත් කරන්නක් නොව ජනතා සුභ සාධනය ඇතුළුව රජයේ වියදම් පිරිමසා ගන්නා ආදායම් මුලාශ්‍රයක් පමණක් බවය.

එසේම නව බදු පනත මඟින් බදු ක්‍රමය සරල කර සෘජු බදු ආදායම වැඩි කරගැනීමට ක්‍රියාකර ඇති බවත් ඒ හරහා ජනතාවට පීඩාවට පත්වන වක්‍ර බදු ආදායම් අඩු මට්ටමකට ගැනීමට හැකියාව තිබෙන බවද ඔවුන් පෙන්වා දෙයි. ඒ සාධනීය තත්ත්වයක් බව සඳහන් කරන  මුල්‍ය වෙළඳපොල විශ්ලේෂකයින් සඳහන් කර සිටින්නේ ආර්ථිකය සම්බන්ධව මූලික දැනුමක් ඇති ඕනෑම අයෙකුට මේ බව තේරුම් ගැනීම දුෂ්කර නොවන බවය.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන ආකාරයට ලොව සෑම රටකම රජය සිය ප්‍රධාන ආදායම් මුලාශ්‍රය බවට පත්කර ගෙන ඇත්තේ බදු ආදායමය. එය ලංකාවට පමණක් විශේෂ කාරණයක් නොවේය. එහිදී සෑම රටක්ම සෘජු බදු ආදායම් වැඩි කරගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒ හරහා වක්‍ර බදු මඟින් පොදුවේ බහුතර ජනතාව වෙත එල්ලවන පීඩනය අවම කිරීමට උත්සාහ දරා ඇත. නමුත් කාලයක් පුරාවට ලංකාව එවැනි ක්‍රමවේදයකට අවතීර්ණ වී නොමැත. එහෙයින් දිගින් දිගටම රාජ්‍ය බදු ආදායම තුළ වක්‍ර බදු වැඩි ප්‍රතිශතයක් වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පෙන්වා තිබේ.

එසේම සෘජු බදු වර්ධනය කර ගැනීමට කටයුතු නොකිරීම තුළ බදු වංචාකරුවන් ආරක්ෂා කිරීමත් සිදුව ඇත. රාජපක්ෂ පාලන සමය තුළ එය ජයටම සිදුව ඇති අතර ඒ හේතුවෙන් කලාපයේ රාජ්‍ය බදු ආදායම ක්‍රමයෙන් අඩුවූ රටක් බවට ලංකාව පත්ව ඇත.

1990  සිට 2014 දක්වා මුළු රාජ්‍ය ආදායම සහ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස

image

  •  ඒ අනුව පෙනී යන්නේ 2015 වසරේ ආණ්ඩු පෙරලිය සිදුවන විටත් මෙරට ආර්ථිකය පැවතියේ අතිශය දුෂ්කර තත්ත්වයක බවය.v  ඒ අනුව පෙනී යන්නේ 2015 වසරේ ආණ්ඩු පෙරලිය සිදුවන විටත් මෙරට ආර්ථිකය පැවතියේ අතිශය දුෂ්කර තත්ත්වයක බවය
  •   රාජ්‍ය මුල්‍ය අංශය සැලකීමේදී රාජ්‍ය ආදායම තිබෙන්නේ අඛණ්ඩව පහල අගයක් වාර්තා කරමින්ය.
  •   ඉහත රූප සටහනින් පෙන්නුම් කරන පරිදි  රටේ ආදායමට සාපේක්ෂව රජයේ ආදායම 1990 වර්ෂයේදී 21%ක් වූ නමුත් 2014 වන විට එම තත්ත්වය 11.4% දක්වා අඩුවී ඇත.

2000  සිට 2014 දක්වා මුළු රාජ්‍ය ආදායම හා එහි වාර්ෂික වර්ධන වේගය

image 1

  •   මෙම රූපසටහන අනුව රාජ්‍ය ආදායමේ  වාර්ෂික වර්ධනය ප්‍රතිශතාත්මකව අඩු අගයක් ගෙන ඇති බව පෙනෙන්නට ඇත.v  මෙම රූපසටහන අනුව රාජ්‍ය ආදායමේ  වාර්ෂික වර්ධනය ප්‍රතිශතාත්මකව අඩු අගයක් ගෙන ඇති බව පෙනෙන්නට ඇත.
  •  නිදර්ශනයක් ලෙස 2006 වසරේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 478ක් ලෙස 25.8%ක වර්ධනයක් පෙන්නුම් කරන නමුත් 2014 වසරේ රුපියල් බිලියන 1,195ක් සහිතව වුවත් එහි වර්ධනය සටහන්ව ඇත්තේ  5.1%ක් වශයෙන්ය.
  •   එමෙන්ම 2011 වසරේ එම වර්ධනය 18.4 % ක් ලෙස ඇතත් 2012, 2013, 2014 යන වසරවල එම අගය තනි අංකයක් බවට පත්ව ඇත.

තෝරාගත් රටවල් කිහිපයක 2000 -2014 දක්වා රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස

tax chat

  •   මෙහි ඉතා පැහැදිළිව පෙන්නුම් කරන්නේ  කලාපයේ අඩුම රාජ්‍ය ආදායමක් ලබන රට බවට අප රට පත්ව ඇති බවය.
  •  නමුත් මෙහි දක්නට ඇති සියලුම රටවල් 2000 වසරට සාපේක්ෂව 2014 වසර වන විට රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සැලකිය යුතු වර්ධනයක් අත්කරගෙන ඇත. 
  •   අනෙක් අතට ශ්‍රී ලංකාව 2000 වසරේදී 14.5% ක ප්‍රතිශතයකින් යුතුව බංගලාදේශයට (8.5%) වඩා ඉදිරියෙන් සිටියත් 2014 වසර වන විට බංගලාදේශය ක්‍රමයෙන් සිය බදු ප්‍රතිශතය වර්ධනය කරගෙන ඇති නමුත් ශ්‍රී ලංකාව පැවති මට්ටමටත් වඩා අඩු ප්‍රතිශතයක් (10.1%) දක්වා විතැන්ව ඇත.

ඒ අනුව මුල්‍ය වෙළඳපොල විශ්ලේෂකයින්  ප්‍රශ්න කර සිටින්නේ ඉහත රටවල් බදු ආදායම් වැඩිකර ගැනීමට කටයුතු කිරීම සහ එය පෙරළා එම රටවල සමාජ ආර්ථික සංවර්ධනයට බලපා නොමැතිද කියාය. එසේම බදු ආදායම වර්ධනය කර ගැනීම වෙනුවට රජයේ දෛනික වියදම් පවා ණය හරහා පියවා ගැනීම දියුණු ආර්ථික ක්‍රමවේදයක්ද කියාය.තවද සෘජු බදු ආදායම වර්ධනය කර ගැනීම වක්‍ර බදු අඩුකර ගැනීමට ක්‍රියා කිරීම ජනතාවට පීඩාවක් වන්නේ කෙසේද යන්න පැහැදිළි කළයුතු බවද ඔවුන් සඳහන් කරයි.ඒ අනුව මුල්‍ය වෙළඳපොල විශ්ලේෂකයින්  ප්‍රශ්න කර සිටින්නේ ඉහත රටවල් බදු ආදායම් වැඩිකර ගැනීමට කටයුතු කිරීම සහ එය පෙරළා එම රටවල සමාජ ආර්ථික සංවර්ධනයට බලපා නොමැතිද කියාය. එසේම බදු ආදායම වර්ධනය කර ගැනීම වෙනුවට රජයේ දෛනික වියදම් පවා ණය හරහා පියවා ගැනීම දියුණු ආර්ථික ක්‍රමවේදයක්ද කියාය.තවද සෘජු බදු ආදායම වර්ධනය කර ගැනීම වක්‍ර බදු අඩුකර ගැනීමට ක්‍රියා කිරීම ජනතාවට පීඩාවක් වන්නේ කෙසේද යන්න පැහැදිළි කළයුතු බවද ඔවුන් සඳහන් කරයි.

මීට අමතරව රජයේ දෛනික වියදම් පවා ණය මත පියවා ගන්නට කටයුතු කිරීම තුළ ජනතාව දෙගුණයක් පීඩාවට පත්වන බවත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ආර්ථිකය ගැන දෙසන වැඩි බණ වල අවසානය එය බවද ඔවුන් පෙන්වා දෙයි.