Language Switcher

V2025

ණය සහ බදු ගැන විවාදයෙන් මහින්ද පලායන්නේ ඇයි ?

මේ වනවිට අග්‍රමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ද ණය සහ බදු ගැන විවාදයකට එන ලෙස මහින්ද රාජපක්ෂට අභියෝග කර ඇත.මේ වනවිට අග්‍රමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ද ණය සහ බදු ගැන විවාදයකට එන ලෙස මහින්ද රාජපක්ෂට අභියෝග කර ඇත.
 
පන්සලේ සිට වැසිකිලියට යන මොහොත දක්වාම මාධ්‍ය ආවරණ ලබාගන්නා රාජපක්ෂලා මේ අවස්තාව මඟ හරින්නේ ඇයි?  රාජපක්ෂලා බදු ගැනත් ණය ගැනත් වන අභියෝගය  දැන් තම ගොබෙල්ස් අටුවාචාරීන් වෙත යොමුකර තිබෙන්නේ ඇයි?
  
1992 – 2014 විදේශ ණය ප්‍රමාණය (රුපියල් බිලියන)

image

2010 වසරේ රුපියල් බිලියන 2025ක් ලෙස පැවති   මෙරට විදේශ ණය ප්‍රමාණය 2014 වසර වන විට රුපියල් බිලියන 3113ක් දක්වා වර්ධනය වී ඇත. ඒ එසේ මෙසේ වර්ධනයක් නොව  54%ක විදෙස් ණය වර්ධනයක්ය.2010 වසරේ රුපියල් බිලියන 2025ක් ලෙස පැවති   මෙරට විදේශ ණය ප්‍රමාණය 2014 වසර වන විට රුපියල් බිලියන 3113ක් දක්වා වර්ධනය වී ඇත. ඒ එසේ මෙසේ වර්ධනයක් නොව  54%ක විදෙස් ණය වර්ධනයක්ය.

මේ ආකාරයෙන්  වර්ධනයක් පෙන්නුම් කරන රාජපක්ෂලාගේ විදෙස් ණය සම්බන්ධ අනෙක් ප්‍රශ්නය වන්නේ  විදේශ ණය කල්පිරීම  කෙටිකාලීන වීමය.

2010 -2014 විදේශ ණයවල කල් පිරීමේ කාලය වසරවලින්

biz 1

විදේශීය ණයවල සාමාන්‍ය කල් පිරීමේ කාලය 2010 දී වසර 9.22 ක් ලෙස පැවතී ඇති නමුත් 2014 දී එය වසර 7.25ක් ලෙස අඩුවී  ඇත.විදේශීය ණයවල සාමාන්‍ය කල් පිරීමේ කාලය 2010 දී වසර 9.22 ක් ලෙස පැවතී ඇති නමුත් 2014 දී එය වසර 7.25ක් ලෙස අඩුවී  ඇත.

අනෙක් අතට 2008 වසරෙන් පසුව මෙරට විදේශ ණය සංයුතියේද වෙනසක් සිදුව අති බව පෙනෙන්නට ඇත. ඒ අනුව සහනදායි ණය ලැබීම් අඩුවී සහනදායි නොවන ණය වර්ධනය වී ඇති බවද ඉතා පැහැදිලිය.  

2000 – 2014 විදෙස් ණය සංයුතිය වෙනස්වීම

biz3

ඒ අනුව 2019-2022 කාල සීමාව තුළ වාර්ෂික විදේශ ණය ගෙවීම් දෙගුණයකින් වර්ධනය වී අතිශය අවධානම් සහගත තත්ත්වයක් මතුව තිබෙන බව පැහැදිළිය.  ඒ අනුව 2019-2022 කාල සීමාව තුළ වාර්ෂික විදේශ ණය ගෙවීම් දෙගුණයකින් වර්ධනය වී අතිශය අවධානම් සහගත තත්ත්වයක් මතුව තිබෙන බව පැහැදිළිය.  
ආණ්ඩු වෙනස් වුවා කියා ණය ගෙවීම් පැහැර හරින්නට නොහැකිය. ජනතාව පීඩාවට පත් නොවන ලෙස වක්‍ර බදු ආදායම් අඩුවන සහ සෘජු බදු ආදායම් වැඩිවන ලෙස නව බදු පනත ගෙනාවේද මේ අර්බුදයෙන් රට අර්බුදයට යාම වලක්වා ගන්නටය. 
2017 වසරේදී විදේශයන්ට ගෙවීමට තිබූ ණයවලින් සියයට 75ක් ම රාජපක්ෂ යුගයේ ලබාගත් ණය වෙනුවෙන් ගෙවීමට ආණ්ඩුවට සිදුවිය.
 
එසේම 2018  වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2845ක් විදේශ ණය වශයෙන් ගෙවිය යුතුව ඇති අතර මේ මුදලින් ඩොලර් මිලියන 1789ක් ම රාජපක්ෂ යුගයේ ලබා ගත් ණය සඳහා සිදුකළ යුතු ගෙවීම් ය. ඒ අනුව 2018දී ගෙවීමට නියමිත විදේශ ණයවලින් සියයට 63කට හිමිකම් කියන්නේ රාජපක්ෂලාගේ ආණ්ඩුවය. 
 
ඒ හමුවේ රටේ ආර්ථිකයට සිදුකළ මහා පාපය ගැන වමාරවන්නට කැඳවූ කළ පලායනවා හැර වෙනත්  කරන්නට දෙයක් රාජපක්ෂලාට නැත. 
රාජපක්ෂලාගේ ඉඳුල්වලට ලොබ බඳින කබ්‍රාල්, ගොඩහේවා වගේම බන්දුල වැනි ගොබෙල්ස්ලා කරන්නෙ මේ ඇත්ත කෙරුවාව වසංකර ජනතාව තව තවත් මුලා කිරීමය.
 
(සෝදිසි)