Language Switcher

V2025

ත්‍රී රෝද රථ - යතුරුපැදි සඳහා සහන මිලට අලුත් තෙලක් !

ත‍්‍රී රෝද රථ සහ යතුරුපැදි ඉලක්ක කර ඉදිරියේ දී නව පෙට්ට‍්‍රල් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

ඒ සඳහා වන තත්ත්ව පරීක්ෂණය මේ වන විට සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව පත්වීම් ලැබූ ඉංජිනේරුවන්ට නව පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ උත්සවයට  එක් වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මෙසේද සඳහන් කර ඇත.

 ‘‘ පහුගිය කාලේ අපිට පෙට්රල්, ඩීසල් සහ ලාම්පු තෙල්වල මිල වැඩි කරන්න සිදු වුණා. මමත් ආණ්ඩුවත් එය සිදු කළේ කැමැත්තෙන් නෙමෙයි.

නමුත් ගැටළු ප‍්‍රශ්න විසඳා ගැනීමට ඇතැම් විට අපිට අකමැති දේවල් කරන්නත් සිදු වෙනවා. එයින් මහජනතාවට සිදුවන පීඩාව ගැනත් අපිට අවබෝධයක් තියෙනවා. නමුත් අපි දැන් අලූත් විදියට සිතමින් වෙනත් ක‍්‍රමවලින් මහජනතාවට සහනයක් ලබා දෙන්නේ කෙසේද යන්න ගැන මේ වන විට සොයා බලමින් සිටිනවා.

ඒ අනුව ආර්ථික සහනයක් ලබාදිය හැකි සේ ත‍්‍රීරෝද රථ සහ යතුරුපැදි ඉලක්ක කර නව පෙට්ට‍්‍රල් වර්ගයක් හඳුන්වා දීමට අපි මේ වන විට අත්හදා බලමින් සිටිනවා යැයිද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found