Language Switcher

V2025

විපුල ගුණතිලක : ශ්‍රී ලංකන් ලොකු පුටුවකට !

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් හි ප්‍රධාන මෙහෙයමු නිලධාරී සහ ප්‍රධාන මූල්‍ය නිළධාරී (COO/CFO) ලෙස විපුල ගුණතිලක මහතා ලබන අගෝස්තුවේ සිට වැඩ ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට එම ආයතනයේ නව කළමනාකාරිත්වය යටතේ ණය  අඩුකිරීමට සහ නව ආයෝජකයින්ට ආකර්ශනීය වූ ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම සඳහා වන ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යායාමේ උත්සාහයක් ලෙස මෙම පත්කිරීම සිදුකර ඇත.

වසර ගණනාවකට පෙර ශ්‍රීලංකන් හි හිටපු ප්‍රධාන මූල්‍ය නිලධාරියකු (CFO) වන ගුණතිලක මහතා ඇන්ගෝලා හි ජාතික ගුවන් සේවය වන ඇංග්ලාන් එයාර් ලයින්ස් (TAG Angolan Air Lines) හි ප්‍රධාන මූල්‍ය නිලධාරියා මෙන්ම එම ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.

අගෝස්තු මාසයේදී එහි ප්‍රධාන විධායක නිලධාරි සුරේන් රත්වත්තේ මහතා ඉවත්ව යන බැවින් ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස මොහු පත්වීමට නියමිතය. ශ්‍රීලංකන් සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය ඉකුත් රෙජීමයේ පරිපාලන දුර්වලතා, ණය  ගෙවීම් ඉහළයාම හා වැඩි මිලට ගුවන් යානා කල්බදු ක්‍රමයට ගැනීම වැනි ගැටලු වලට මේවන විට මුහුණදී සිටී.

දැනට පවතින ජනාධිපති පරීක්ෂණ කොමිසමට පෙර මෙහෙයවන ලද විශේෂඥ සාක්ෂි අනාවරණයෙදී හෙළිව ඇත්තේ, 2011-2014 කාලය තුළ ගුවන් සමාගම වැරදි කළමානාකරණය ලක්වීම හා වෙළඳ පොළ වටිනාකමට වැඩියෙන් ගුවන්යානා කල්බදු ක්‍රමයට ගැනීම මේ සියලු කඩාවැටීමලට මුල බවය.