Language Switcher

Ad

Ad 01

V2025

ප්‍රතිසංස්කරණ ප්‍රමාද බවට : ලෝක බැංකුවෙන් අවධාරණයක් ! 

පවතින අභියෝගාත්මක දේශපාලන තත්ත්වය හේතුවෙන්   ලංකාවේ සිදුවිය යුතු අතවශ්‍ය ප්‍රතිසංස්කරණ පමාවී ඇති බව ලෝක බැංකුව සඳහන් කර ඇත.
මෙරට ආර්ථිකය පිළිබඳ  ලෝක බැංකුව අද (28)  නිකුත් කල ශ්‍රී ලංකා සංවර්ධන ඇගයිම් ප්‍රකාශනයේ මේ සඳහන්  කර ඇත.

එහිදී නව දේශීය ආදායම් පනත සහ සක්‍රීය බැරකම් කළමනාකරණ පනත මෙන්ම ඛනිජ තෙල් සදහා මිල සුත්‍රයක් හඳුන්වාදීම ආදී කරුණු ලෝක බැංකුවේ ඇගයීමට ලක්ව ඇත. 

කෙසේ වෙතත්, විගණන පනත සම්මත කිරිම, ඒකාබද්ධ ණය කළමනාකරන කාර්යාලය ස්ථාපිත කිරිම සහ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරිම ආදිය ප්‍රතිසංස්කරණය පමාවී ඇති බව ලෝක බැංකු වාර්තාවේ සඳහන් කර ඇත.