Language Switcher

V2025

කෘෂි අමාත්‍යංශයෙන් : රටපුරා බිඟු ජනපද !

මෙරට මී මැසි පාලනය වර්ධනය කිරීමට සහ මී පැණි ආනයනය වෙනුවෙන් වැයකරන විදෙස් විනිමය වළක්වා ගැනීමේ අපේක්ෂාවෙන්  බිඟු ජනපද නමින් විශේෂ මී මැසි පාලන කලාප ඒකක පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට දෙනුලැබූ උපදෙස් මත මෙම වැඩපිළිවෙල  කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කල නිවේදනයේ මේ බව  සඳහන් වෙයි.

ඒ අනුව අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ  2017 දී පමණක්  මෙරටට මීපැණි ආනයනය කිරීම සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන  466ක් වීමත්   මීමැසි පාලනය පර්චස් හතඅටක ඉඩමක වුවත් සිදු කළ හැකිවීම මෙන්ම මීමැසි පාලනය යනු වියදම් දැරීමට සිදුවන වගාවක්ද නොවන බැවින් මෙම වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාවට නගන ලෙසය.

මේ සඳහා අවශ්‍ය මී මැසි පෙට්ටි 10,000ක් ඉදිරි මාස 06 තුළ නොමිළේ බෙදා හැරීමට නියමිත අතර, මීමැසි පාලනය සඳහා අවශ්‍ය මීමැසි ජනපද ලබා දීම, තාක්ෂණය, හා මීපැණි නිපදවීමට අවශ්‍ය  උපකරණ මෙන්ම නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අවශ්‍ය වෙළෙඳ පොල  සොයා දීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත්වන බවද අදාළ නිවේදනයේ සඳහන්ව ඇත.

ඒ අනුව නිකුත් කර ඇති අමාත්‍යංශ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි. 

බණ්ඩාරවෙළ බිඳුනුවැව කෘෂිකර්ම ගොවිපොළ මගින් මේ සඳහා උනන්දුවක් දක්වන ගොවීන්ට විදිමත් පුහුණුවක් ලබා දෙන අතර, තරුණ පරම්පරාව කෘෂිකර්ම ක්ෂේත්‍රයට ආකර්ශනය කර ගැනීමේ අරමුනින් මෙවැනි ඉහළ ආදායමක් උපයා ගත හැකි කෘෂිකාර්මික ප්‍රවේශයන් සඳහා අවධානය යොමු කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.
 
එමෙන්ම මීමැස්සන්ට පැණි රැස් කර ගැනීමට හැකි වන පරිදි පැණි බහුල සපුෂ්ප ශාඛ වර්ග වන මොර, මී, අඹ, බොර, බුරුත වැනි ශාක විශේෂ රජයේ ඉඩම්වල හා මහමාර්ග දෙපස වගා කිරීමට ද නියමිතය.
 
දැනට අප රටට අවශ්‍ය මී පැණි තායිලන්තය හා ඕස්ට්‍රේලියාව වැනි රටවලින් ආනයනර කරනු ලබන අතර මී පැණි බහුල වශයෙන් තරුපහේ හෝටල්, දේශීය ඖෂධ නිෂ්පාදනය, ගුවන්සේවාවල දී සපයන ආහාර පාන වැනි අවස්ථාවන්හිදී භාවිතා කරයි. එමනිසා මීපැණි දේශීය වශයෙන් නිපදවීම ඉහළ නැංවීම මගින් විශාල ආදායමක් උපයා ගැනීමට හැකිවේ.
 
එමනිසා මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන තරුණ පිරිස්වලට එක් අයෙකුට අඩුම තරමින් මීමැසි පෙට්ටි 05-10ත් අතර ප්‍රමාණයක් ලබා දීම තමන් බලාපොරොත්තු වන සඳහන් කළ අමාත්‍ය වරයා “අපි වවලයි -අපි කන්නේ” නව කඩිනම් කෘෂිකර්ම සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ මී පැණි නිපදවන කලාප කිහිපයක් අප රටේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව කීය.
 
අනෙක් කරුණ නම් නව කෘෂිකාර්මික පර්යේෂණ අනුව බෝගවලට හානි කරවන කෘමින් පාලනය සඳහා හොඳම ජෛව තාක්ෂණ ක්‍රමවේදය මීමැසි පාලනය හා මී පැණි බව ද තහවුරු වී තිබේ. එමෙන්ම බෝගවල අස්වනු වැඩි කර ගැනීමට හේතුවන පුෂ්ප පරාගන ක්‍රියාවලියට මීමැසි පාලනය ඉතා විශිෂ්ට පිටුවහලකි.