Language Switcher

Ad

Ad 01

V2025

ගිය ආණ්ඩුවේ ණය පොලී ගෙවන්න මේ ආදායම් මදි - දේශීය ආදායම් කොමසාරිස් 

පසුගිය කාලයේ මහා පරිමාණයෙන් ලබාගෙන ඇති ණය වෙනුවෙන් මෙම වර්ෂයට නියමිත පොලී ගෙවීම් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සමස්ත වාර්ෂික ආදායම ප්‍රමාණවත් නොවන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්  අයිවන් දිසානායක පවසා ඇත.

ඒ බදු වගකීමක් නොව සමාජ යුතුකමක් යන මැයෙන් ගාල්ලේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්ය.

එහිදී පොලී ගෙවීම් සඳහා ආදායම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන්  බදු නිදහස් කිරීම අවම කර නව බදු පනත් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කර ඇත.

සම්මන්ත්‍රණයෙන්  අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ වාහනයක් නඩත්තු කරන මෙන්ම, විදේශ සංචාරවල නියැලෙන  පුද්ගලයින් සඳහා ද  බදු ලිපිගොනුවක් විවෘත කිරීමට අවශ්‍ය බවය.