ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමත් සමඟ සිංගප්පූරු ව්‍යවසායකයින්ගේ ශ්‍රී ලංකාවේ ආයෝජන අවකාශයන් වැඩිකිරීමට කටයුතු කරන බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ශින් ලූං (HE Lee Hsien Loong) පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධාන දුත පිරිස සඳහා අද (09) දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමු අවස්ථාවේ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කර ඇත.
ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා සිංගප්පූරුව තුළ ආයෝජනය සිදුකරන වෙනත් විදේශීය ව්යවසාකයින්ද උනන්දු කරවීමේ අවස්ථාව මෙම ගිවිසුම ඔස්සේ උදාවන බව සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පේනවා දී ඇත.
නව තාක්ෂණය, දැනුම හා රැකියා අවස්ථා නිදහස් වෙළඳ ගිවිසුම ඔස්සේ වැඩි වැඩියෙන් ශ්‍රී ලාංකිකයන් වෙත ලබා ගැනීමට හැකි වන බව ද මෙහිදී අවධාරණය කර ඇති අතර එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ ආර්ථික, පරිපාලන හා සමාජයීය ක්ෂේත්රයන්හිදී දෙරට සමීපව කටයුතු කිරීමෙන් දෙරටටම වාසිදායී අවස්ථා නිර්මාණය කර ගත හැකි බවයි.
සිංගප්පූරු පාර්ශවය නියෝජනය කරමින් ලී මහත්මිය, තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය එස්. ඊශ්වරන් (Hon. S. Iswaran), මිනිස්බල ඇමතිනී ජොසෆින් ටීඕ (Hon. Josephine Teo), ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති චන්ද්‍රා දාස් සහ අග්‍රාමාත්‍ය ප්‍රධාන පුද්ගලික ලේකම් ජෙෆ්රි සිඕ යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, සංවර්ධන උපාය මාර්ග සහ ජාතන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති නිමල් වීරරත්න යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.