Language Switcher

V2025

තේ තහනමට හේතුව නොසැළකිල්ලයි- තානාපති කියයි

ලංකා තේ සම්බන්ධව රුසියාව විසින් පනවා ඇති තහනමට මුලික හේතුව නොසැළකිල්ල බවත් ඇසුරුම් සහ බහාලුම් කටයුතු වලදී ඒවායේ ප්‍රමිතිය සම්බන්ධව සැලකිලිමත් වූවානම් කිසිඳු ප්‍රශ්නයක් ඇති නොවන බව රුසියාවේ සිටින ශ්‍රී ලංකා තානාපති දොස්තර සමන් වීරසිංහ සඳහන් කරයි.

රුසියාව විසින් මෙරට තේ තහනම් කිරීම සම්බන්ධව newstube.lk සිදුකළ කරුණු විමසීමේදී තානාපතිවරයා මේ බව සඳහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තානාපතිවරයා පවසා සිටියේ අදාළ තහනම සම්බන්ධව දැනුවත් වූ මොහොතේ සිට ජනාධිපතිවරයා මෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගේ උපදෙස් පිට තමන් රුසියානු බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවත් ඉතා ඉක්මනින් මේ ප්‍රශ්නය විසඳා ගත හැකි බවත්ය.

එසේම කප්රා නම් කෘමි විශේෂය රුසියාව දැඩි තර්ජිත ගණයේලා සලකන බවත් ඒ හැරෙන්න ශ්‍රී ලංකාව සම්බන්ධ කිසිඳු ප්‍රශ්නයක් රුසියාවට නොමැති බවද තානාපතිවරයා සඳහන් කර සිටියේය.