Language Switcher

V2025

ඩොලර් මිලියන 480ක විදෙස් ප්‍රදාන අවිනිශිචිතයි !

පවතින අවුල් සහගත දේශපාලන වාතාවරණය නිසා, ඇමෙරිකානු රජයට අයත් Millennium Challenge Corporation (MCC) හරහා ලබා දීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 480ක ප‍්‍රදානයක් පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් හටගෙන ඇතැයි The Sunday Morning වාර්තා කර සිටී.

මෙම ප‍්‍රදානය ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා MCC හි ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා කැරලයින් න්ගුයෙන් පසුගිය ජූනි මාසයේ මෙරට චාරිකා කළාය.

ප‍්‍රවාහන සහ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට නියමිත මෙම පස් අවුරුදු ප‍්‍රදානය වෙනුවෙන් වන අවසන් ගිවිසුම දෙසැම්බර් 17 වැනිදා වොෂින්ටනයේදී අත්සන් තැබීමට නියමිතයි.

කෙසේ වෙතත්, පවතින දේශපාලන වියවුල සමනය වන තෙක් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකිරීමට ඇමෙරිකාව තීරණය කර ඇති බව රාජ්‍යතාන්ත‍්‍රික ආරංචි මාර්ග කියා සිටී.