Language Switcher

V2025

රුපියල 180 පනියි !

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඊයේ (23) රුපියල් 180 සීමාව ඉක්මවා ගියේය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (23) නිකුත් විනිමය අනුපාතවලට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 180.66ක් ලෙසත් ගැනුම් මිල 176.72ක් ලෙසත් දැක්විණි.

ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 16 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 13.4කින් අවප්‍රමාණය වී තිබේ.

‘රෙෆිනිටිව් ඉකෝන්’ ජාත්‍යන්ත මූල්‍ය විශ්ලේෂණ ආයතනයේ දත්තවලට අනුව එම කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 15.9කින් අවප්‍රමාණය වී ඇත. 

වසර 2010 දී ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම ඇරඹූ ‘මූඩිස්’ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනය පළමු වරට අඟහරුවාදා (20) ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් පහළ දැමීය. වත්මන් දේශපාලන අර්බුදය දැනටමත් තිබෙන ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කරනු ඇතැයි ද මූඩිස් ශ්‍රේණිගත ආයතනය එහිදි පෙන්වා දී තිබිණි. කෙසේ නමුත් එම පහළ දැමීම පදනම් විරහිත යැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.