Language Switcher

V2025

සංචාරක ව්‍යාපාරයත් හාන්සියි !

ඔක්තෝබර් 26 දියත්වූ දේශපාලන කුමන්ත්‍රණය සහ ඒ ආශ්‍රිත රටේ ඇතිවූ අරාජිකත්වය හමුවේ මේ වන විට සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම බිඳවැටී තිබෙන බව වාර්තා වෙයි.

ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව මගින්,  2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත දහය අතරින් පළමු  ස්ථානයට මෙරට නම් කිරීමත් සමඟ සංචාරක ක්ෂේත්‍රයේ ඇතිවූ ප්‍රබෝධය මේ වන විට මුළුමනින්ම නැතිව ගොස් තිබෙන බවත්  කර්මාන්තයේ නියැලෙන්නන් සඳහන් කරයි.

කාලයක් පුරා චීන සහ ඉන්දීය සංචාරකයන්ට සීමාවී එකතැන නතරව තිබූ මෙරට සංචාරක කර්මාන්තය පසුගිය වසර තුනක කාලය තුළ යුරෝපය, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව  වැනි බටහිර සංචාරකයන්ගේ ආකර්ෂණයට පත්‍ර විය. ඒ යහපාලනය විසින් අපනයන ආර්ථිකයේ ප්‍රධාන ස්ථානයක්  සංචාරක ව්‍යාපාරයට ලබාදී කටයුතු කිරීම ඊට හේතුවූ බව කේෂ්ත්‍රයේ නියැලෙන්නන්ගේ පොදු අදහස වී තිබේ.

සංචාරක ව්‍යාපාරය යටතේ විශාල හෝටල් පමණක් නොව, එන්ටර් ප්‍රයිස් ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ටුක් ටුක් පරිසර හිතකාමී සංචාරක රථ, නිවාස ආශ්‍රිත නවාතැන් ලබාදීම, කුඩා කඩ සාප්පු හා අවන්හල් යනාදිය ඇති කරමින් සංචාරක ව්‍යාපාරයේ පිමි සහිත වර්ධනයක් ඇති කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළේය. 2018 වසරේ ගෙවුණු මාස 10 ක කාලයට  මිලියන 1.8ක වාර්තාගත සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට  පැමිණියේ ඒ අනුවයි. එය වෙනත් වර්ෂ වල සංචාරක පැමිණීමට  සාපේක්ෂව 10.6%ක  වර්ධනයක්. එසේම ඕස්ට්‍රේලියානු සංචාරකයන්ගේ පැමිණීම වෙනත් වර්ෂයන්ට සාපේක්ෂව 2018 වසරේ මුල් කඩයිමේ 45%ක වර්ධනයක් අත්කර ගැනීමත් ඊට කදිම සාක්ෂියක්. මේ තුළ රටේ ආර්ථිකයට ඇමරිකානු ඩොලර් බිලියන 2.93ක් හිමිව ඇත.

තවද  ද  ලෝන්ලි ප්ලැනට් සඟරාව ලබාදුන් කීර්තියත් සමඟ සංචාරක කර්මාන්තයේ 0.5%ක ක්ෂණික වර්ධනයක්ද ඇති විණ.

නමුත් ඔක්තෝබර් 26 අපකීර්තිමත් සහ නීති විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය හමුවේ ඒ සියල්ල අහිමිව ගොස් තිබෙනවා. මේ වන විටත් ලොව කිසිඳු රටක් කුමන්ත්‍රණ ආණ්ඩුව පිළිනොගෙන ඇතුවා පමණක් නොවෙයි රටවල් 30 කට ආසන්න සංඛ්‍යාවක් මෙරට සංචාරයෙන් වලකින ලෙසද දන්වා හමාරය. එසේම 2018  නොවැම්බර් මාසයේ සිට 2019 මාර්තු මාසය දක්වා පෙර ගෙවීම් සිදුකර තිබුණු හෝටල් රැසක ඇනවුම් දහස් ගණනක් අවලංගුව කර තිබේ. ඒ හමුවේ මේ දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් පැවතියහොත් සංචාරක කර්මාන්තය ආශ්‍රිත දිවි ගෙවන මිලියන 10කට ආසන්න ජනතාවකගේ ආදායම් අහිමිවීමේ අවධානමක් පැහැදිළිව පෙන්නුම් කරයි.