Language Switcher

V2025

බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයක් බත්තරමුල්ලට

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ මහනගර වියාපෘතියක් ලෙස සුපිරි වෙළඳ සංකීර්ණයක් ද සහිත බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයක් Multimodal Transportation Hub බත්තරමුල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට රජය තීරණය කර ඇත.

එම බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීමේ ටෙන්ඩරය ‘ඒසර් ’ නමැති ඩුබායි සමාගමකට පැවරීමට පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ටෙන්ඩර් කැඳවා අදාළ ඩුබායි සමාගම තෝරාගෙන ඇත.

ඒ සඳහා කැබිනට් සංදේශය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද්දේ මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසිනි.

පෞද්ගලික ආයෝජනයක් ලෙස මෙම බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකෙරෙන අතර ආයෝජනය කෙරෙන මුදල රුපියල් කෝටි 400ක් පමණ වේ.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found