Language Switcher

V2025

රුපියල ශක්තිමත් වෙයි !

2019 වසරේ ජනවාරි මස 28 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.6 කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ.

මෙහිදී අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යූරෝ හා ඉන්දියානු රුපියලට සාපේක්ෂව ද අතිප්‍රමාණය වූ අතර අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව අවප්‍රමාණය වී තිබේ.

2018 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 16.4 කින් අවප්‍රමාණය වූ අතර, අනෙකුත් ප්‍රධාන මුදල් ඒකකවලට සාපේක්ෂව ද අවප්‍රමාණය වූ බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(දෙරණ)

press 20190128 external sector performace 2018 november s 11

press 20190128 external sector performace 2018 november s 11A