Language Switcher

V2025

ඔබේ දරුවාගේ ගිණුමේ : මිලියන 1.2 ට වඩා තැන්පතු නැත්නම් බදුත් නෑ !

සියලුම ළමා ගිණුම්වලින් අයවැය යෝජනා හරහා බදු මුදල් අයකරන්නට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව කටයුතු කරන බවට පළවන පුවත සාවද්‍ය බව මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග තහවුරු කරයි.

මෙම ළමා ගිණුම් ආශ්‍රිත බදු අයකිරීම සම්බන්ධව පළවන පුවත් සම්බන්ධව සිදුකළ විමසීමකදී මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු මේ බව අවධාරණය කර සිටියේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ළමා ගිණුම් ආශ්‍රිත බදු ගණනය කිරීම සිදුවන්නේ මාසික පොලිය රුපියල් 5000ට වැඩි ගිණුම් වලින් පමණක් වන බවය. ඒ බව වැඩිදුරටත් සඳහන් කරමින් එම නිලධාරියා පැහැදිළි කර සිටියේ මාසික පොළී ආදායම රුපියල් 5000 කට වඩා වැඩිවීමට නම් අදාළ ළමා ගිණුමේ තැම්පත් මුදල රුපියල් මිලියන 1.2ක් වත් තිබිය යුතු බවය.

මෙරට සාතිශය බහුතරයක් ජනතාවගේ දරුවන් සතුව රුපියල් මිලියන 1.2 ට වැඩි තැම්පත් නොමැති බවත් එතරම් මුදලක් නොමැති ළමා ගිණුම් වල පොළිය මත බදු පැනවීමක් සිදුනොවන බවද ඔහු පැවසීය. එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉතාම ඉහළ ආදායම් ඇති පාර්ශවයන් වෙතින් පමණක් අයකරන මෙම බදු මුදල සම්බන්ධව සාවද්‍ය පුවත් වාර්තා වලට නොරැවටෙන ලෙසත් මේ වන විට බදු ප්‍රතිපත්තිය සකස්කර ඇත්තේ වක්‍ර බදු අඩුකර සෘජු බදු වැඩි කිරීම බැවින් සාමාන්‍ය ජනතාවට බදු බර සම්බන්ධ අනවශ්‍ය බියක් ඇතිකර නොගත යුතු බවය.