Language Switcher

V2025

අපනයනය ඉහළට : ආනයන පහළට : අලුත් ආර්ථික දත්ත මෙන්න !

ආනයන වියදම් කැපී පෙනෙන ලෙස අඩු වීම සමඟ 2018 වසරේ දෙසැම්බර් මාසයේ දී වෙළෙඳ හිඟය පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂ ව සැලකිය යුතු ලෙස පහළ ගියේ ය. 2018 දෙසැම්බර් මාසයේ දී අපනයන වාර්ෂික පදනම මත සියයට 1.4කින් වර්ධනය වූ අතර, ආනයන සියයට 15.3කින් පහළ ගියේ ය.

2018 වසරේ දී මුළු භාණ්ඩ අපනයන එක්සත් ජනපද ඩොලර් බිලියන 11.9ක් දක්වා සියයට 4.7කින් වර්ධනය වූ අතර, ආනයන එක්සත් ජනපද ඩොලර් බිලියන 22.2ක් දක්වා සියයට 6.0ක ඉහළ යෑමක් වාර්තා කළේ ය. මේ අනුව, වෙළෙඳ හිඟය 2017 වසරේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 9.6ක සිට 2018 වසරේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 10.3ක් දක්වා යම් ඉහළ යෑමක් වාර්තා කළේ ය.

2018 වසරේ දෙසැම්බර් මාසයේ දී සංචාරක ඉපැයීම් පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂ ව සියයට 4.8ක වර්ධනයක් වාර්තා කරමින් ශක්තිමත් මට්ටමක පැවති අතර, එම නිසා, 2018 වසරේ මුළු සංචාරක ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4ක් දක්වා 2017 වසරට සාපේක්ෂ ව සියයට 11.6කින් වර්ධනය විය.

2018 වසරේ දෙසැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සියයට 13 කින් පහළ යෑමත් සමඟ 2018 වසරේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 7.0ක් දක්වා සියයට 2.1ක සුළු අඩුවීමක් වාර්තා කළේය.

2018 වසරේ දෙසැම්බර් මාසයේ දී මූල්‍ය ගිණුම තුළ, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි සහ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ගෙවීම් වාර්තා විය.

ප්‍රධාන වශයෙන් වෙළෙඳ ශේෂයේ ඇති වූ හිතකර වර්ධනය පිළිබිඹු කරමින් විනිමය අනුපාතිකය වෙත වූ පීඩනය 2018 වසරේ දෙසැම්බර් මස අවසානයේ දී සාපේක්ෂ ලෙස අඩු විය.

දළ නිල සංච්ත 2018 වසර අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.9 ක් විය.

press 20190313 external sector performance december 2018 s 2

press 20190313 external sector performance december 2018 s 2A