Language Switcher

V2025

චීනය ලංකාවට රබර් සැකසුම් කලාපයක් දෙයි

ශ්‍රී ලංකාවේ රබර් ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා ආයෝජනය කිරීමට චීන රජය එකඟතාවය පල කර ඇත.

ඒ සම්බන්ධයෙන් වන දෙරට අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා අමාත්‍ය නවින් දිසානායක මෙම මස අඟදී චීන සංචාරයකට එක් වීමට නියමිතය.

එම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස විශේෂ රබර් සංවර්ධන කලාපයක් සහ ඊට සමාන්තරව රබර් ආශ්‍රිත කර්මාන්ත කලාපයක් ස්ථාපනය කිරීමට නියමිතව ඇත.

වැඩි ආර්ථිකයක් හිමි කර දෙන වැඩි ඵලදාවක් සහිත රබර් බීජ හා නව තාක්ෂණයද මෙහිදී රබර් ක්ෂේත්‍රයට හදුන්වා දීමට නියමිත අතර ස්වභාවික රබර් නිෂ්පාදනය කෙරෙන ප්‍රමුඛ පෙළේ රටක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම එහි විශේෂ අරමුණක් වේ.

චීනයේ හයිනෑං රබර් සංවර්ධන කලාපය නියෝජනය කරමින් විශේෂ දූත පිරිසක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී නවින් දිසානායක මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් මේ පිළිබඳව සාකච්ඡුා කර ඇති අතර එහිදී හයිනෑං විදේශ කටයුතු හා අන්තර් ජාතික ආර්ථික සම්බන්ධතා පිළිබඳ ප්‍රධානී Jinglei han මහතා එහි මූලිකත්වය ගෙන කටයුතු කර ඇත.