Language Switcher

V2025

රුපියල ඉහළට !

මේ වසරේ ගෙවී ගිය කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 4.6%කින් ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව බ්‍රිතාන්‍යයේ ස්ටලිං පවුම්, ජපානයේ යෙන් සහ ඉන්දීය රුපියල යන මුදල් ඒකකවලට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් තිබේ.

ගෝලීය මූල්‍ය තත්ත්වය ලිහිල්වීම සහ විශේෂයෙන්ම ඇමෙරිකාව ඇතුළු දියුණු ආර්ථික සිය මුදල් ප්‍රතිපත්ති මුහුණුවර වෙනස් කිරීම හේතුවෙන් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත ලැබෙන විදෙස් ආයෝජන ගලාඒම් ද ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.

එම වර්ධන තත්ත්ව සහ අපනයනකරුවන් ඔවුන්ගේ ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීම සහ උත්සව සමයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ගලාඒම් ඉහළ යෑම යන කරුණු හේතුවෙන් ඇමෙරිකානු ඩොලරයට සහ අනෙකුත් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇත.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (16) නිකුත් කළ දෛනික විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.45ක් ලෙසත් ගැනුම් මිල රුපියල් 172.61ක් ලෙසත් දැක්විණි.