Language Switcher

Ad

Ad 01

V2025

නිල සංචිත ඩොලර් බිලියන 7.6 ක් දක්වා ඉහළට !

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සාර්ථකව නිකුත් කිරීම හේතුවෙන් රටේ දළ නිල සංචිතය මේ වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 7.6ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

මේ වසරේ ජනවාරි මාසයේ දී ඩොලර් බිලියන 6.2ක් වූ නිල සංචිතය මාර්තු මාසයේ දී ඩොලර් බිලියන 7.6ක් දක්වා ඉහළ නැගීමට ප්‍රධාන වශයෙන් ඩොලර් බිලියන 2.4ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව සාර්ථකව සිදු කිරීම බලපා ඇති බව මහ බැංකුව කියයි.

මේ වසර ආරම්භයේ ශ්‍රී ලංකා මහ බැංකුව කල්පිරුණු ජාත්‍යන්තර වශයෙන් පැවැති බැඳුම්කර සඳහා මුදල් ගෙවීමක් සාර්ථකව සිදු කෙළේය. ඒ නිසා රටේ නිල සංචිතය ඩොලර් බිලියන 6.2 දක්වා අඩු විය.

නමුත් නැවත වතාවක් සාර්ථක බැඳුම්කර නිකුතුවක් සමඟ අරමුදල් තර කර ගැනීම නිසා සංචිතය ඉහළ ගොස් ඇත. මේ සංචිතය දළ වශයෙන් අප රටේ මාස 4.3ක ආනයනික වියදමට සමාන අගයක් ගන්නා බව ද මහ බැංකුව පවසයි.