Language Switcher

V2025

සංචාරක කර්මාන්තයට අදාළ ව්‍යාපාර සඳහා බදු සමාවක් - ඇමති මංගල

පුද්ගලයන් 250කට අධික පිරිසකට මරු කැඳවමින් එල්ල වු පාස්කු ප්‍රහාරය හේතුවෙන් බලපෑම් එල්ල වූ සංචාරක කර්මාන්තයට අදාළ ව්‍යාපාර සඳහා බදු සමාවක් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

විදේශිකයන් සහ කතෝලික බැතිමතුන් ඉල්ලක කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇති වූ ආරක්ෂක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අදාළ කර්මාන්තකරුවන් විසින් ද මෙම බදු විරාම පිළිබඳ ඉල්ලීම් කර ඇති බව බ්ලූම්බර්ග් රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා පවසයි.

‘‘ටියුනීසියාව, බාලි වගේ මේ වගේ තත්ත්වයන්ට මුහුණ දුන් රටවල් දිහා බලපුවා ම අපිට කියන්න පුළුවන් නිසි ක්‍රියාමාර්ග යටතේ වසරක, වසර එක හමාරක වගේ කාලයක් තුළ මෙරට සංචාරක කර්මාන්තය නැවත යථා තත්ත්වයට පත් වෙයි කියල‘‘. අමාත්‍යවරයා පැවැසීය.

මෙම ප්‍රහාර හේතුවෙන් ඇ.ඩො. බිලියන 87ක් පමණ වන සංචාරක ආදායමට 5%ක පමණ බලපෑමක් වනු ඇතැයි අපේක්ෂා කරනවා.

2009න් අවසන් වූ දශක තුනක යුද්ධයෙන් වගේ ම පසුගිය දා ඇති වූ දේශපාලන අර්බුදයෙන් අපේ ආර්ථික වර්ධනයට බලපෑම් එල්ල වුණා. යුද්ධයෙන් පස්සෙ පස් ගුණයකින් විතර සංචාරකයන් පැමිණීම ආදායම් වාර්තා බිඳ හෙළන මට්ටමට වර්ධනය වුණා.‘‘

‘‘ලොකුම අවධානම විය හැක්කේ මෙවැනි ප්‍රහාර දිගින් දිගටම ඇති වීමයි. අපි හිතනව එය අපට කළමනාකරණය කර ගන්න පුළුවන් වෙයි කියල. ඒ වගේ ම මෙවැනි ප්‍රහාර නැවත ඇති නොවෙයි කියලත් අපි හිතනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය හෙමින් නමුත් ස්ථාවර ලෙස ඉදිරියට යමින් තියෙනවා.‘‘ යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

මෙහිදී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියා සිටියේ හතර වැනි කාර්තුවේ 1.8%ක පැවැති ආර්ථික වර්ධන වේගයට සංචාරක ව්‍යාපාරය පහත වැටීමෙන් එල්ල විය හැකි බලපෑම ප්‍රකාශ කිරීමට තරම් කාලය ගතවී නොමැති බවයි.