Language Switcher

Ad

Ad 01

V2025

ආනයනික ලොකු ලූනු බද්ධ ඉහළට !

දේශීය ලොකු ලූනු අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙන බැවින් දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස ආනයනික ලොකු ලූනු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

මේ සම්බන්ධව මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ විසින් නිල නිවේදනයක්ද නිකුත්කර තිබේ.

ඊට අනුව ආනයනික ලොකු ලූනු කිලෝ ග්‍රෑම් එකක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 20/=කින් ඉහළ දමා ඇති අතර, ඊට අදාළ ගැසට් නිවේදනයට මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ අත්සන් තබා ඇත.