Language Switcher

V2025

ස්විට්සර්ලන්තය මෙරටට පනවා තිබූ සංචාරක බාධා ලිහිල් කරයි !

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ බාධාවන් ලිහිල් කිරිමට ස්විට්සර්ලන්තය කටයුතු කර තිබේ.

ඒ අනුව තවදුරටත් අත්‍යාවශ්‍ය නොවන කටයුත සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසට ඔවුන් පනවා තිබූ සංචාරක උපදේශනය ඉවත් කර තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී තම පෞද්ගලික ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙස එරට විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව දන්වා තිබේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන හා සාමාජිය නොසන්සුන්කාරී තත්ත්වයන් ඉහළ අගයක පවතින බවත් ඒවා කුමන මොහොතක හෝ ගැටුම්කාරී තත්ත්වයන් හැරිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එය මේ වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණය තෙක් පැවැතය හැකි බවත් ශ්‍රී ලංකාව පුරාම ත්‍රස්තවාදි ප්‍රහාර ඇතිවීමේ අවධානමක් ඇති බවත් ඔවුන් සඳහන් කරයි.