Language Switcher

V2025

වැඩිවන වැටුප් ජූලි 10 වැනි දා සිට ලබාදීමට නියමිතයි !

මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ අයවැය යෝජනා අනූව විශ්‍රාම වැටුප් විෂමතාවය මෙම මාසයේ සිට ඉවත් කිරීමත් සමඟම වැඩිවන වැටුප් ජූලි 10 වැනි දා සිට ලබාදීමට නියමිත බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.

ජූලි මාසය ඇතුළුව අගෝස්තු හා සැප්තැම්බර් මාසවලදී විශ්‍රාම වැටුප් විෂමතාවය 575,000 ක් පමණ ඉවත්වන බවද එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පැවසීය.

අංක 1 / 2019 දරණ 2019.16.11 දිනැති විශ්‍රාම වැටුප් චක්‍රලේඛයට අනුව දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 කදී වැටුප් විෂමතාවය ඉවත්කර ඉහළ යන වැටුප විශ්‍රාම වැටුපට එකතු කරන බවද, මෙම මාසයේ වැටුප් වැඩිවිම් නොලැබෙන අයවලුන්ට ජුලි මස සිට හිඟ මුදල් ලැබෙන බවද ඒ මහතා කීය.

මෙම මාසයේ 10 වැනිදා විශ්‍රාම වැටුප වැඩිවන්නේ විශ්‍රාමිකයින් 50,000 ක පමණ පිරිසකට බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found