Language Switcher

V2025

පරණ මිලටම පාන් !

පැරණි මිලට තිරිඟු පිටි අලෙවි කරන බවට සමාගම පොරොන්දු වූ බැවින් අද (18දා) දින රුපියල් පහකින් ඉහළ දැමූ පාන් ගෙඩියක මිල, රුපියල් පහකින් අඩුකළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් අටකින් ඉහළ දැමීමට තිරිඟු පිටි සමාගම් දෙක කටයුතු කිරීම හේතුවෙන් පාන් ගෙඩියක මිල රුපියල් පහකින් ඉහළ දැමීමට කටයුතු කළ බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.

එහෙත් තිරිඟු පිටි පැවැති මිලට ලබාදෙන බවට අද (18දා) දින අදාළ සමාගම පොරොන්දු වූ බැවින් පාන් ගෙඩියක මිලද රුපියල් පහකින් අඩුකළ බව හෙතෙම පවසා සිටියේය.